සිතාර සහ රමේෂ්ගෙන් ද්විත්ව ශතක සබඳතාවයක්

Major Clubs Limited Over Tournament 2025

99
Major Club 50 Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (05) දවසේ දී ද නිමා වූ අතර එහි දී කැපී පෙණෙන ඉනිමක නිරත වීමට Moors SC කණ්ඩායමේ සිතාර ගිම්හාන් සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

ඔවුන් දෙදෙනා එක් ව CCC කණ්ඩායමට එරෙහි ව හඹායන ඉනිමේ 2 වැනි කඩුල්ලට පන්දු 204ක දී නොදැවී ලකුණු 228ක සබඳතාවක් ගොඩ නගනවා. මේ වමත් සහ දකුණත් පිතිකරුවන්ගේ දක්ෂතාව හේතුවෙන් ලකුණු 316ක් හඹා ගිය Moors SC ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

 එහි දී සිතාර ගිම්හාන් පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 158ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල ඉහළම ඉනිම වන අතර එම තරග දිවියේ 2 වැනි ශතකයයි.

ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා ගන්නවා.

මේ අතර Colts CC කණ්ඩායමේ සංගීත් කුරේ සහ දිනේෂ් චන්දිමාල් Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව 2 වැනි කඩුල්ලට පන්දු 173ක දී ලකුණු 189ක සබඳතාවක් එක් කරනවා. එහි දී දිනේෂ් චන්දිමාල් පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 120ක් ද සහ සංගීත් කුරේ පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 100ක් ද ලබා ගන්නවා.

මෙය දිනේෂ් චන්දිමාල්ගේ පළමු පෙළ එක්දින 11 වැනි ශතකය මෙන් ම හොඳම ඉනිම වූ  අතර සංගීත් කුරේ ගේ පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකයයි. මෙම ශතකයත් සමඟින් ඔහු පළමු පෙළ තරග 67ක දී ලකුණු 2000 කඩඉම ඉක්මවා යෑමට ද සමත් වුණා.

 මේ අතර Bloomfield C & AC කණ්ඩායමේ 22 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරු තරිඳු හර්ෂණ පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 8ක මංගල ශතකයයි.

ඔවුන් අමතර ව CCC කණ්ඩායමේ අංජල බණ්ඩාර ද නොදැවී ලකුණු 101ක් වාර්තා කරනවා. ඔහුගේ ඉනිම පන්දු 99කින් සීමා වූ අතර හතරේ පහර 10ක් ඊට ඇතුලත් වුණා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 13ක මංගල ශතකයයි.

මේ අතර අද දවසේ දී තවත් අර්ධ ශතක 12ක් වාර්තා වීම කැපී පෙණුනා. එහි දී Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන (50) සහ මිනෝද් භානුක (නොදැවී 74), Bloomfield C & AC කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (නොදැවී 63), Chilaw Marians කණ්ඩායමේ තනුක දාබරේ (73) සහ තරිඳු අමරසිංහ (72), Police SC කණ්ඩායමේ ධනුජ ඉඳුවර (63). විශාද් රන්දික (55) සහ ප්‍රියමාල් පෙරේරා (75), NCC කණ්ඩායමේ ජීවක ශෂීන් (65) සහ කවින් බණ්ඩාර (58), Ace Capital CC කණ්ඩායමේ තනුජ රාජපක්ෂ (58) සහ CCC පවන් සංදේශ් (57) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union C & AC සහ Panadura SC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC සියලුම දෙනා දැවී 174 (47.0) ඔෂද ප්‍රනාන්දු 40, දුරංක සිල්වා 25, සෙනිත හැළඹගේ නොදැවී 43, තීසාන් විතුසාන් 3/26, විජයකාන්ත් වියස්කාන්ත් 4/21, සචිත ජයතිලක 3/21
  • Tamil Union C & AC – කඩුලු 2ක් දැවී 175 (26.4) සිනෙත් ජයවර්ධන 50, මිනෝද් භානුක නොදැවී 74, විහස් තෙව්මික නොදැවි 38

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Colts CC සහ Kurunegala Youth CC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – කඩුලු 5ක් දැවී 316 (50.0) රවිඳු රසාන්ත 43, සංගීත් කුරේ 100, දිනේෂ් චන්දිමාල් 120, රනුල් ගුණරත්න 2/58, අයේෂ් මදුශංක 2/61
  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 67 (22.5) ගයන වීරසිංහ 30, ධනංජය ලක්ෂාන් 2/23, කවිශ්ක අංජුල 3/10, අකිල ධනංජය 4/09

Colts CC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

Bloomfield C & AC සහ Nugegoda S & WC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – කඩුලු සියලුම දෙනා දැවී‍ 179 (46.1) පැතුම් කුමාර 22, රාහුල් ගුණසේකර 31, අක්‍රම් මුතාලිබ් 41, රවිඳු ප්‍රනාන්දු 3/28, ආදිත්‍ය රණවීර 2/26, තරින්ද ගුරුගේ 2/22
  • Bloomfield C & AC – කිසිවෙක් නොදැවී 182 (33.5) තරිඳු හර්ෂණ නොදැවී 109, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 63

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

Chilaw Marians CC සහ Police SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Police SC – කඩුලු 7ක් දැවී 248 (50.0) ධනුජ ඉඳුවර 63. විශාද් රන්දික 55, ප්‍රියමාල් පෙරේරා 75, රශ්මික පෙරේරා නොදැවී 40, නිම්සර අතරගල්ල 2/36, තිමිර ඉරුශික 2/52
  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 245 (48.4) තනුක දාබරේ 73, තරිඳු අමරසිංහ 72, සම්මු අශාන් 49, හිරාන් ජයසුන්දර 20, ප්‍රියමාල් පෙරේරා 3/52, දිලුම් සුදීර 3/30, මනුජ චන්තුක 2/40

Police SC සහ කණ්ඩායමට ලකුණු 3ක ජයක්.

NCC සහ Ace Capital CC අතර තරගය NCC ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital CC – සියලුම දෙනා දැවී 212 (49.1) තනුජ රාජපක්ෂ 58, නිමේෂ් ගුණසිංහ 26, රවීන් ද සිල්වා 30, චාමික කරුණාරත්න 2/29, රනුක මලවිආරච්චි 3/27, ලසිත් ඇඹුල්දෙණිය 3/35
  • NCC – කඩුලු 3ක් දැවී 215 (35.0) ජීවක ශෂීන් 65, කවින් බණ්ඩාර 58, ගවිරු සෙන්හස් නොදැවී 34, අහන් වික්‍රමසිංහ 24, දිනෙත් ගුණවර්ධන නොදැවී 25

NCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

CCC සහ Moors SC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.

  • CCC – කඩුලු 8ක් දැවී 316 (50.0) පවන් සංදේශ් 57, ධනංජය ද සිල්වා 41, අංජල බණ්ඩාර නොදැවී 101, ඉනුක කරන්නාගොඩ 42, හිවින් කෙනුල 2/46, හසිත රත්නායක 3/29, මල්ෂ තරුපති 2/40
  • Moors SC – කඩුලු 3ක් දැවී 317 (46.3) ජනිශ්ක පෙරේරා 48, සිතාර ගිම්හාන් නොදැවී 158, රමේෂ් මෙන්ඩිස් නොදැවී 70

Baduraliya SC කණ්ඩායමට ලකුණු 30ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<