පාපන්දු නොවැම්බරය අගමැති කුසලානයෙන් උණුසුම් වෙයි

201

රටවල් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය නොවැම්බර් මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරණ අතර මාලදිවයින, සීෂෙල්ස් සහ බංග්ලාදේශය තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් වනවා.

තරගාවලියේ සමාරම්භක තරගය නොවැම්බර් 8 වැනිදා බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර සවස 4:00ට ආරම්භ වීමට නියමිත අතර එදිනම රාත්‍රී 9:00ට ශ්‍රී ලංකාව මාලදිවයින සමඟ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සීෂෙල්ස් කණ්ඩායමට සමඟ නොවැම්බර් 11 වැනිදාත්, තෙවැනි තරගය බංග්ලාදේශ සමඟ නොවැම්බර් 14 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 17 වැනිදා විදුලි ආලෝක මධ්‍යයේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන:

අගමැති කුසලානයේ සියලු තොරතුරු, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<