ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු වෙනස් වන ලකුණු

234

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස 49 හැවිරිදි හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේෂ් වීරසිංහ මහතා තෝරාපත් කරගැනීමට නියමිත බව විශ්වාසදායී ආරංචි මාර්ග තහවුරු කරයි.

ලෝක කුසලානය පාවා දුන්නා යැයි පැවසෙන ප්‍රකාශයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතාගේ නිල ගිවිසුම් ගත කාලය, පසුගිය දා නිමා වූ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වූ නමුත් මේ වන තෙක් ඔහුගේ එම ගිවිසුම නැවත අලුත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් ඔහුව එම තනතුරෙන් ඉවත් කොට නව පුහුණුකරුවෙක් තෝරාගන්න තෙක් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස වීරසිංහ මහතාව ඉදිරියේ දී පත් කිරීමට වැඩි ඉඩක් තිබේ.

“හර්ෂ ද සිල්වා මහතාගේ කොන්ත්‍රාත්තුව පසුගිය කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අවසන් වුනා. ආයිත් ඔහුගේ එම කොන්ත්‍රාත්තුව අලුත් කරන අපේ අදහසක් නැහැ. අපි නව පුහුණුකරුවෙක් තෝරාගන්න මේ වෙනකොට තෝරාගැනීමේ සහ අධීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා Daily News පුවත් පත වෙත අදහස් දක්වමින් පවසා ඇත.

වීරසිංහ මහතා මුවර්ස් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩකටයුතු සිදු කර අත්දැකීම් ලබාගෙන තිබෙන අතර හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරමින් දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග 5ක් සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ කඩුලු රකින්නෙක් සහ මඳ වේගපන්දු යවන්නෙක් ලෙස ද කටයුතු කරමිනි.

Video – අකාලයේ මිලින වූ අපේ පූජානි | Poojani Liyanage’s Life Story

හේමන්ත දේවප්‍රිය මහතා සිය කොන්ත්‍රාත්ගත කාලය අවසන් වීමට මාස 5කට පෙර ඉල්ලා අස්වුනු පසුව 2018 වසරේ සිට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූයේ ද සිල්වා මහතායි. 

ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය මීට පෙර ද හෙඹවූ අතර එම කාල සාමය තුල දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2013 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා එංගලන්තය යන කණ්ඩායම් පරාජය කරමින් තරගාවලියේ දී ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණීමට සමත් විය.

කොරෝනා වසංගත තත්වයට පසුව ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිය එළිමහන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන නමුත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් තවමත් සිය එළිමහන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර නොමැත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අමතරව බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් රටවල්වල කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සඳහා ද ප්‍රධාන පුහුණුකරුවන් පුරප්පාඩුව තිබෙන බව වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<