ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයත් නවතියි

181

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

ශහීඩ් අෆ්රිඩිට අකරතැබ්බයක්

ඉන්දීය ක්‍රිකට් පරිපාලනය විසින් ඔවුන්ගේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ද තවමත් සුපුරුදු පරිදි ආරම්භ නොකර තිබීම සහ එවැනි තත්වයක් සඳහා ඔවුන්ගේ රට තවමත් සාමාන්‍ය තත්වයට පැමිණ නොතිබීම මේ සඳහා බලපෑ ඇති ප්‍රධාන හේතුව වේ.

“ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමඟ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන්න සූදානමින් සිටි නමුත් එම තරගාවලි දෙකම මේ කොරෝනා වසංගතය නිසා ක්‍රීඩා කරන්නේ වෙන්නේ නැහැ” යැයි ඉන්දීය ක්‍රිකට් පරිපාලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුනි මස 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ එක්දින සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා අපේක්ෂාවෙන් සිටි අතර එයට පසුව අගෝස්තු මස 22 වැනිදා සිට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරග තුනකින් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය.

එංගලන්ත සංචාරයට යන පාකිස්තාන සංචිතය නිකුත් වෙයි

ඉන්දීය ක්‍රිකට් ආයතනය එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පෙර IPL ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවෙන් පිටත වෙනත් රටක දී පැවැත්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි නොපැවැත්වීම නිසාවෙන් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරග තුනක්, ටෙස්ට් තරග හතරක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා සහභාගී වීමට සූදානමින් සිටින නමුත් එම තරගාවලිය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ඉන්දියාවේ මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 321,000 ඉක්මවා තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් ගණන 162,000 ඉක්මවා තිබේ. එසේම පාකිස්තානය තුල 9190කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<