ලෝක කුසලානය පාවා දුන්නා යැයි පැවසෙන ප්‍රකාශයට පැමිණිල්ලක්

298

2011 වසරේ ඉන්දියාවේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව තරග වැදුණු අවසන් මහා තරගය මුදලට ‌හෝ වෙන යම්  දෙයකට පාවා දුන් බවත්, ඒ් පිළිබදව පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ප්‍රකාශ කරන ලදි.

>> 2011 අවසන් තරගය පාවා දුන්නා යැයි හිටපු ඇමතිගෙන් චෝදනාවක්!

ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා විසින් 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

වර්තමාන ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම රූපවාහිනී  වැඩසටහනින් පසුව එම පුවත ගැන අවධානය යොමු කර, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස රුවන්චන්ද්‍ර මහතා විසින් වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන තිබේ.

තවද මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස ද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රුවන්චන්ද්‍ර මහතා මෙහි දී සඳහන් කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<