කොරෝනා නිසා අසරණ දෑත් ශක්තිමත් කරන්න මහානාම, වාස් එක්වෙයි

144

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිය ජනතාව මේ වන විට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ දෛනික වැටුප් උපයන්නන්ට සහය දැක්වීම සඳහා මුලපිරීමකට එක්වීමට හිටපු ශ්‍රී ලංකා එක්දින නායකයන් වන රොෂාන් මහානාම සහ චමින්ද වාස් එක්ව සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් කොරෝනා මර්දනයට සවියක් වෙයි

නව කොරෝනා (Covid-19) වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික …….

මෙම වයිරසය නිසාවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන ඇඳිරි නීති තත්ත්වයත් සමඟ, බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ඉපයීමේ ක්‍රමවේදය අහිමි වී ඇති අතර ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීම දුෂ්කර තත්වයක පවතී. එලෙස අපහසුතාවයට ලක්ව සිටින දෛනික වැටුප් උපයන්නන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට මෙම වැඩසටහන ඉවහල් වනු ඇත.

ආචාර්ය ක්‍රිෂාන් තලගහගේ සහ කණ්ඩායම විසින් මෙය ආරම්භ කරන ලද අතර එයට චමින්ද වාස් සහ රොෂාන් මහනාම ද එක් විය. මෙම වැඩසටහන සඳහා සහල්, නූඩ්ල්ස්, පරිප්පු, සැමන්, වියළි මාළු, හාල්මැස්සන්, සීනි, මිරිස්, තුනපහ සහ බිස්කට් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී. 

“ඔවුන් අපේම පුරවැසියන්, අපි ඔවුන්ට උදව් කරන්නේ නැත්නම් කවුරු කරන්න ද? වෙනසක් කිරීමට අපි එක්වෙමු” හිටපු උත්තරීතර කමිටු තරග විනිසුරු රොෂාන් මහානාම පැවසීය.  ශ්‍රී ලංකාව බිහිකළ වේගවත් පන්දු යැවීමේ පුරාවෘත්තයක් වන චමින්ද වාස් මහතා “ඔබට සැමවිටම අන් අයගේ ජීවිතවල වෙනසක් කළ හැකිය” යැයි පැවසීය. 

මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රිමියර් හෙල්ත්කෙයාර්, 282 A2, ගාලු පාර, ගල්කිස්ස (ගල්කිස්ස හි පිහිටි සිලෝන් ගොඩනැගිල්ලේ දෙවන මහල) වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

දිවයින පුරා පවතින ඇඳිරි නීතිය හේතුවෙන් මෙම භාණ්ඩ පරිත්‍යාග කල නොහැකි පරිත්‍යාගශීලීන්ට මුදල් පරිත්‍යාග කළ හැකි බව ද ඔවුන් මහජනතාවට පවසා සිටියහ. ඒ සඳහා අන්තර්ජාල ගනුදෙනු කිරීම් යොදාගන්නා ලෙස ඔවුන් කාරුණිකව ඉල්ලා සිටී.

  • ගිණුමේ නම : Premier Health & Education
  • ගිණුම් අංකය : 061020401994
  • බැංකුව : HNB, Branch: Mount Lavinia.

ජාත්‍යන්තර ගනුදෙනු කිරීම් සඳහා

  • Bank Code – 7083
  • Branch Code – 061
  • SWIFT code – HBLILKLX

වැඩිදුර තොරතුරු සඳහා 

  • වෛද්‍ය ජනිත් – 077 658 8444
  • වෛද්‍ය තිමල් – 077 800 6095
  • වෛද්‍ය පබසරා – 076 689 8822
  • වෛද්‍ය හිරුණි – 071 972 1021
  • වෛද්‍ය තිව්‍යා – 077 662 6901

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<