ප්‍රබල ඇෆ්ගනිස්තානයට ලෝක කුසලාන වරම් හිමිවෙයි ද?

664

එංගලන්තයේ දී පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තවත් කණ්ඩායම් දෙකකට අවස්ථාව තිබෙන අතර ඒ සඳහා පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරග ඊයේ (4) සිම්බාබ්වේ හිදී ආරම්භ විය. ඊයේ පැවැත්වූ තරග අතරින් ජයග්‍රහණ ලබා ගැනීමට ස්කොට්ලන්තය, අයර්ලන්තය, සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් සමත් විය.

සංගා පාකිස්තානය හොල්ලයි!

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් …

ඇෆ්ගනිස්තානය හා ස්කොට්ලන්තය

මේ තරග අතරින් වැඩි දෙනාගේ අවධානයට ලක්වූයේ ස්කොට්ලන්තය හමුවේ ඇෆ්ගනිස්තානය පරාජය වීමයි. ඒ තරගයේ දී ස්කොට්ලන්ත ක්‍රීඩක කාලම් මැක්ලවුඩ්ගේ දක්ෂ පිතිකරණය නිසා ස්කොට්ලන්තයට කඩුලු 7ක දැවැන්ත ජයක් හිමි විය. කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය බුලවායෝ හිදී පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානයට ඇරයුම් කළේය. එහි දී මොහොමඩ් නබී 4 පහර 7ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 92ක් රැස්කර ගත්තේය. නජිබුල්ලා සද්රාන් ලකුණු 67යි. අවසානයේ ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 255කට සීමා විය.

ස්කොට්ලන්ත පළමු කඩුලු දෙක ලකුණු 21ක් තුළ දවා ගනිමින් තරගයට හොඳ ආරම්භයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය. නමුත් අනතුරුව පිටියේ එක්වූ කාලම් මැක්ලවුඩ් හා රිචී බර්න්ග්ටොන් තෙවන කඩුල්ල සඳහා ලකුණු 208ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් ස්කොට්ලන්ත ලකුණු පුවරුව සවිමත් කළේය.

එහි දී මැක්ලවුඩ් පන්දු 146ක් තුළ ලකුණු 157*ක් ලබා ගත්තේ 4 පහර 23ක් හා එක් 6 පහරක් එල්ල කරමිනි. රිචී බර්න්ග්ටොන් ලකුණු 67කට දැවී ගිය නමුත් ස්කොට්ලන්තය සිය ඉලක්කය පහසුවෙන්ම සපුරා ගැනීමට සමත් විය. මෙම තරගයේ සුවිශේෂීත්වය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානය එම ශ්‍රේණිගත කිරීමට තවමත් ඇතුළත් වී නොමැති ස්කොට්ලන්තය හමුවේ පරාජය වීමයි.

ඒ නිසාවෙන් B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ඇෆ්ගනිස්තානයට ලෝක කුසලානය සඳහා වරම් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉතිරි තරග කිහිපයෙන් බහුතරයක් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

ඇෆ්ගනිස්තානය – 255 (49.4): මොහොමඩ් නබී 92, නජිබුල්ලා සද්රාන් 67, බර්ඩ්ලි වේල් 3/36.

ස්කොට්ලන්තය – 256/3 (47.2): කාලම් මැක්ලවුඩ් 157*, රිචී බර්න්ග්ටොන් 67, මුජීබ් සද්රාන් 2/67.

නිදහස් සටනේ වාසිය කාටද?

අවසන් වරට සහභාගී වුන එක්දින තරග 29න් 23ක්ම පරාජයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට පරාජ නම් …

අයර්ලන්තය හා නෙදර්ලන්තය

හරාරේ පිටියේ පැවැත්වූ මේ තරගය ලකුණු 93කින් ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ නෙදර්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය වෙනුවෙන් ඇන්ඩෘ බැල්බිරින් අර්ධ ශතකයක් ලබා ගත්තේ 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟිනි. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 268කට සීමා විය. පන්දු යැවීමේ දී ටිම් වෑන්ඩර් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 41ක් තුළ ලකුණු 243ක ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ නෙදර්ලන්ත ඉනිම ලකුණු 149කට සීමා කිරීමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් විය. පන්දුවෙන් ද දස්කම් දැක්වූ ටිම් වෑන්ඩර් ලකුණු 33ක් නෙදර්ලන්ත ඉනිමට එක් කළේය.

අයර්ලන්තය – 268/7 (50): ඇන්ඩෘ බැල්බිරින් 68, නීල් ඕබ්‍රරයන් 49, විලියම් පෝටර්ෆීල්ඩ් 47, ටිම් වෑන්ඩර් 3/59.

නෙදර්ලන්තය – 149 (32.2): ටිම් වෑන්ඩර් 33, ටිම් මුර්තාග් 3/28.

සිම්බාබ්වේ හා නේපාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම බුලවායෝ තණතීරුව මත පළමුව පන්දුවට පහර දී ලකුණු 380ක දැවැන්ත ලකුණක් ලබා ගන්නා ලදි. සිම්බාබ්වේ කණ්ඩායම එවන් දැවැන්ත ලකුණකට ගෙන ගිය සිකන්දර් රාසා හා බ්‍රෙන්ඩන් ටේලර් වේගවත් ශතක දෙකක් ලබා ගත්තේ පිළිවෙළින් පන්දු 66ක් හා පන්දු 91ක් වැය කරමිනි.

මීට අමතරව ආරම්භක පිතිකරු වන සොලමන් මීරේ ලකුණු 52ක් ලබා ගන්නා ලදි. බැස්ටන්ට් රෙග්මි කඩුලු 2යි.

ලකුණු 381ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසුණු නේපාලය වෙනුවෙන් අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට ශෙරාඩ් වෙස්වකර් හා ආරිෆ් ශෙයික් සමත් වූයේ නේපාල බලාපොරොත්තු තරමක් ඉහළ දමමින් වුවත් සිකන්දර් රාසා සිය තුන් ඉරියව් දස්කම් විදහාලමින් කඩුලු 3ක් දවා ගන්නා ලදි. නායක පරාස් කදාක් ලකුණු 42යි.

සිම්බාබ්වේ – 380/6 (50): සිකන්දර් රාසා 123, බ්‍රෙන්ඩන් ටේලර් 100, සොලමන් මීරේ 52, බැස්ටන්ට් රෙග්මි 2/69.

නේපාලය – 264/8 (50): ශෙරාඩ් වෙස්වකර් 52, ආරිෆ් ශෙයික් 50, පරාස් කදාක් 42, සිකන්දර් රාසා 3/48.

පැපුවා නිව් ගිනියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය

හරාරේ ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පැපුවා නිව් ගිනියාව පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. පළමුව පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරම්භක පිතිකරුවෙක් වන  රොහාන් මස්තාෆා 4 පහර හා 6 පහර 4ක් සමඟින් ලකුණු 95ක් රැස්කර ගත්තේය.

අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ  අශ්ෆක් අහමඩ් ලකුණු 50ක් ලබාගෙන මස්තාෆා හට අනගි සහයක් ලබා දුනි. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 91ක සබඳතාවයක් ගොඩනංවන ලදි. අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 221කට සීමා විය.

ලකුණු 222ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පැපුවා නිව් ගිනියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ චාර්ල්ස් අමිනි වන අතර ඔහු ලකුණු 24කට දැවී ගියේය. තරගය අතරතුර වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 28ක් තුළ ලකුණු 170ක් ඉලක්කයක් හිමිවුවත්, මොහොමඩ් නවීඩ් දක්ෂ ලෙස පන්දු යවමින් පැපුවා නිව් ගිනියා කඩුලු 5ක් දවා ගන්නා ලදි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය – 221 (49.4): රොහාන් මස්තාෆා 95, අශ්ෆක් අහමඩ් 50, නොර්මන් වනුවා 4/39.

පැපුවා නිව් ගිනියාව – 113 (25.5): චාර්ල්ස් අමිනි 24, මොහොමඩ් නවීඩ් 5/28.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<