SAG – ශ්‍රී ලංකාවෙන් පදක්කම් මල්ලක් නමුත් අඩියක් පස්සට

133

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන්වැනි දිනය ලෙස අද (04) දිනය නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කම්  03ක් ,රිදී පදක්කම් 09ක් හා ලෝකඩ පදක්කම් 11ක් එක් කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමස්ත පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානය දිනා සිටින්නේ පදක්කම් 69ක් සමඟිනි. 

SAG2019 – විදූෂාට ආඩම්බරයක් වෙමින් සාරංගී රන් පදක්කමට

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණය උණුසුම් කරමින්, 13 වැනි……

තරගාවලියේ ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 48ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටියේය. 

අද දිනයේ පළමු පදක්කම ලෙස රන් පදක්කමක් එක් කිරීමට වූෂූ ක්‍රීඩාවේ Taolu Taiji Jian කාණ්ඩයේ තරග වැදුණු තරිඳු නාමල් අනුරාධ සමත් විය. 

ක්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් මේසපන්දු පදක්කම් කීපයක් අද දිනය තුල හිමි විය. 

චමීර ගිනිගේ හා ක්‍රිශාන් වික්‍රමරත්න පිරිමි යුගල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. කාන්තා යුගල ඉසව්ව සඳහා සහභාගි වූ ඉශාරා මධුරංගි හා හංසනී පියුමාලි එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මේසපන්දු තරගාවලියේ තුන්වැනි ලෝකඩ පදක්කම දිනා ගැනීමට මිශ්‍ර ‍යුගල ඉසව්ව සඳහා සහභාගි වූ උදය රණසිංහ හා ඉශාරා මධුරංගි සමත් විය. 

ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් හිමි කර දුන් ටයිකොන්ඩෝ තරග ඉසව්වේ දී තවත් රන් පදක්කමක් හිමි කර දීමට කිලෝග්‍රෑම් 63 බර පන්තිය යටතේ තරග කළ චලින්ද සම්පත් සමත් විය. 

SAG2019 – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

දකුණු ආසියානුකරයේ ක්‍රීඩා තරු එකිනෙක ගැටෙන 13 වැනි දකුණු…..

කරාතේ කණ්ඩායම තරගාවලියේ  Kumite තරග ඉසව්වේ දී කණ්ඩායම් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායමට කේ. ඩබ්ලියු. බණ්ඩාර, එම්. ඩබ්ලියු. සමන්මලී, කේ. ඩී. ලියනවර්ධන හා ඒ. පී. කුමාරි ඇතුළත් විය. Kumite තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 68 බර පන්තියේ කාන්තා ‍රිදී පදක්කම දිනා ගැනීමට කේ. ඩබ්ලියු. බණ්ඩාර සමත් වූ අතර Kumite පිරිමි ඒක පුද්ගල තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඩී. කේ. ලක්මාල් සමත් විය. 

කරාතේ පදක්කම් එකතුවට තවත් පදක්කමක් එක් කිරීමට Kumite කණ්ඩායම් තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. ඔවුන් එම තරග ඉසව්වේ ‍රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. එම කණ්ඩායමට ජේ. ඒ. ජයකොඩි, කේ. ඩී. බණ්ඩාරිගොඩගේ, එච්. ටී. මෙන්ඩිස්, කේ. බී. ප්‍රියදර්ශන, ප්‍රසන්න සඳරුවන්, එච්. ජේ. තුරේසිංහ හා ආර්. එම්. බණ්ඩාර ඇතුළත් විය. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ මලල ක්‍රීඩා තරගාවලියේ දී ද පදක්කම් රැසක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ එහි සුවිශේෂීම පදක්කම් ලෙස දුර පැනීම ඉසව්ව සඳහා සහභාගි වූ සාරංගි සිල්වා දිනා ගත් රන් පදක්කම හා එම ඉසව්වේ දී ම අන්ජනී පුල්වංශ දිනා ගත් රිදී පදක්කම හැඳින්විය. හැක මෙයට අමතරව කාන්තා කවපෙත්ත ලෝකඩ පදක්කම ද, පිරිමි මීටර් 10000 රිදී පදක්කම ද, පිරිමි මීටර් 200 රිදී පදක්කම ද සුවිශේෂී. ඒ සියලු තොරතුරු පහත link එකෙන්. 

SAG2019 – විදූෂාට ආඩම්බරයක් වෙමින් සාරංගී රන් පදක්කමට

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දසරත් ක්‍රීඩාංගණය උණුසුම් කරමින්…..

තරගාවලියේ වෙඩි තැබීමේ තරග ද අද ආරම්භ වූ අතර එහි දී ද පදක්කම් කීපයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. කාන්තා මීටර් 25 පිස්තෝල ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර එයට රුමානියා අබේමාන්න, සී. ජී. කෙන්දවල හා අමාලි කුලතුංග ඇතුළත් විය. 

වෙඩි තැබීම පිරිමි තරගාවලියේ මීටර් 25 Center Fire පිස්තෝල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාව සතු වූ අතර එම කණ්ඩායමට සුරංග ප්‍රනාන්දු, නිමල් ප්‍රියන්ත හා ගාමිණී වල්ගම ඇතුළත් විය. 

මේ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා පිරිමි කණ්ඩායම සහභාගි වූ මූලික වටයේ තරග දෙකක දී මාලදිවයින හා භූතානය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. එම තරගවල සියලු තොරතුරු පහළින්.

SAG2019 – හර්ෂිතා – සත්‍යාගේ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ලකුණක්!

දකුණු ආසියානුකරයේ ක්‍රීඩා තරු එකිනෙක ගැටෙන 13 වැනි දකුණු…..

දකුණු ආසියානු තරග ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම ලකුණු 27-29ක් ලෙස පාකිස්තානය පරාජය කිරීමට සමත් විය. 

පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ දෙවන තරගයේ දී නේපාල කණ්ඩායම සමඟින් පැවති තරගයේ අවසන් මිනිත්තුවේ දී ජූඩ් සුමන් වාර්තා කළ ගෝලයත් සමඟින් ජය පරාජයෙන් තොරව තරගය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය. එම තරගයේ දී ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ දස්කම් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එම තරගයේ සියලු තොරතුරු පහළින්.

SAG2019 – ජූඩ් සුමන් අවසන් මොහොතේ තරගය උණුසුම් කරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු….

තරගාවලියේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටි අතර මෙතෙක් එම සටහනේ පෙරමුණ ගෙන සිටි නේපාලය පසුකර යාමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබුණි.

තුන්වන දිනය අවසානයේ සමස්ත පදක්කම් සටහන

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<