LPL ක්‍රීඩක වෙන්දේසිය ආයිත් පස්සට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

227

හෙට (09) දිනයේ දී වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබූ LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය නැවතත් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

එසේම මීට පෙර නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවූයේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

තවත් ක්‍රිකට් පුවත්: 

ඒ නිසාවෙන් ඔක්තෝබර් මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා කල් දැමූ නමුත් වර්තමානයේ රට තුළ පවතින තත්වය හමුවේ එවැනි දෙයක් සිදුකිරීමට අපහසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එවනු ලැබූ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08) දිනයේ දී එවනු ලැබූ මාධ්‍ය නිවේදනයට අනුව ‘ලංකා ප්‍රීමියර් ලිග්’ ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ එළඹෙන 19 වනදා සිදුකිරීමට නියමිතව ඇත.

තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර දඹුල්ල, මහනුවර, කොළඹ, යාපනය සහ ගාල්ල ලෙස කණ්ඩායම් 5ක් සහභාගී වේ. තරගාවලියේ තරග හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීම සඳහා මුලින් තීරණය වී තිබූ නමුත් ක්‍රීඩකයින්ගේ Bio Bubbles විටින් විට මාරු කිරීමේ දී තිබෙන ගැටලුවක් නිසාවෙන් දඹුල්ල ක්‍රීඩා පිටිය තරග කාලසටහනෙන් ඉවත් කිරීම සඳහා ද තීරණය වී තිබේ. 

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදුවනු ඇත්තේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසාවෙන් රජය සහ සෞඛ්‍ය අංශ බලධාරීන් ලබාගෙන තිබෙන තීන්දු නිසාවෙන් වුවත් එය තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත. 

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසර (2020) අවසන් වීමට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වූ බංග්ලාදේශ කණ්ඩායමේ මෙරට තරග සංචාරය ද නොපැවැත්වෙන නිසා මෙම වසර තුළදී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<