ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයන් ගැන දැනුවත් කෙරෙන ලිපි පෙළේ තෙවැනි ලිපියට ඇතුළත් වෙන්නේ Galle Titans කණ්ඩායම හා ගිවිසගත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන්.
තරගමාලාවේ ආරම්භක වසර ත්‍රිත්වයේ දී Galle Gladiators ලෙසින් නම් ලද මෙම කණ්ඩායම මෙම වසරේ දී කරළියට පිවිසෙන්නේ Galle Titans නමින්. LPL තරග ඉතිහාසයේ ආරම්භක වසර ද්විත්වයේ අනුශූරතාව දිනා ගන්නේ මෙම කණ්ඩායමයි. නමුත් නිමා වූ වසරේ දී ඔවුන්ගේ දක්ෂතාවල දැවැන්ත පසුබැසීමක් දැක ගැනීමට තිබූ අතර එහි දී ඔවුන්ට ජයග්‍රහණය කරන්නට හැකි වෙන්නේ තරග 2ක් පමණයි.
Galle Titans කණ්ඩායමේ LPL ගමන් මඟ
| වසර | තරග | ජය | පරාජ | නොවිසඳුණ | ස්ථානය | |
| 1 | 2020 | 10 | 3 | 7 | 0 | අනු ශූරතාව |
| 2 | 2021 | 10 | 5 | 4 | 1 | අනු ශූරතාව |
| 3 | 2022 | 10 | 2 | 8 | 0 | Playoffs |
| එකතුව | 30 | 10 | 19 | 1 | ||
පෙර වසර ත්‍රිත්වයේ දී ගාල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම් පාකිස්තානයේ Shahid Afridi, භානුක රාජපක්ෂ සහ කුසල් මෙන්ඩිස් දරා තිබෙන අතර ඒ අතරින් කණ්ඩායමේ පළමු නායකයා වූයේ Shahid Afridi. ඔහු තරග 3කට නායකත්වය දුන් අතර එම තරග ත්‍රිත්වය ම පරාජයට පත් වෙන අතර ඉන් අනතුරුව ඔහු නායකත්වයෙන් මෙන් ම තරගාවලියෙන් ද ඉවත් වෙනවා.
අනතුරුව ගාලු කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ සතු වෙන අතර ඔහු 2020 තරගාවලියේ අග භාගයේ සහ 2021 වසරේ දී තරග 17කට නායකත්වය ලබා දෙනවා. ඉන් තරග 8ක් භානුක ජයග්‍රහණය කරා රැගෙන ගිය ද තවත් තරග 8ක් පරාජය වීමට සිදු වෙනවා. එක් තරගයක් නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.
අවසන් වසරේ දී ගාලු කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්. ඔහු තරග 10කට නායකත්වය ලබා දෙන අතර ඉන් තරග 2ක් ජය ජයග්‍රහණය කරද්දී තරග 8ක් පරාජය වෙනවා.
මේ වසරේ කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වෙන අතර පෙර වසරවලට මෙම කණ්ඩායමට ක්‍රීඩා කරන ලද එක් විදෙස් ක්‍රීඩකයෙක් හැරෙන්නට අනෙක් සියලුම ක්‍රීඩකයෝ අලුතෙන් ම කණ්ඩායමට එක් වෙන ක්‍රීඩකයෝ වීම විශේෂත්වයක්.
Shakib Al Hasan
Galle Titans කණ්ඩායමේ මෙවර ප්‍රමුඛතම විදෙස් ගත ක්‍රීඩකයා ලෙසින් සෘජුව ම ගිවිසුම් ගත වන්නේ බංග්ලාදේශයේ වත්මන් විස්සයි විස්ස නායක Shakib Al Hasan. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 117කට සහභාගී වෙමින් ලකුණු 2382කින් සහ කඩුලු 140කින් තම ගිණුම තර කරගෙන සිටින ක්‍රීඩකයෙක්.

එම තරගාවලි ඇතුළු ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 405කට ක්‍රීඩා කර ඇති Shakib පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක 29ක් සමඟින් ලකුණු 6816ක් ද සහ කඩුලු 455ක් ද ලබා සිටිනවා.
Tabraiz Shamsi

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 44ක් සහ විස්සයි විස්ස තරග 61ක් ක්‍රීඩා කර ඇති Shamsi ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 219ක් ක්‍රීඩා කරමින් කඩුලු 253ක් ලබා සිටිනවා.
මේ වන විට ලොව පුරා ආකර්ෂණය දිනා ගත් IPL, PSL සහ CPL ක්‍රිකට් තරගමාලාවන් හී නැතිව ම බැරි ක්‍රීඩකයෙක් ලෙසින් ද ඔහු අවිවාදිතයි.
Mohammad Mithun
බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු රකින්නෙක් සහ ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කළ දැනට 32 හැවිරිදි වියේ පසුවෙන Mohammad Mithun අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ දී.

කෙසේ වෙතත් ඔහුගේ ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස පිටියේ දක්ෂතාව තරග 172ක ඉනිම් 152ක දී අර්ධ ශතක 16ක් සමඟින් ලබා ගත් ලකුණු 3020ක්. කඩුල්ල පිටුපස සිටිමින් ඔහු දවා ගැනීමට දැක්වූ දායකත්වය කඩුලු 78ක්.
ඔහු Galle Titans කණ්ඩායම හා එක් වෙන්නේ ඇමරිකානු ඩොලර් 20,000ක මුදලකට වෙන්දේසි වෙමින්.
- Babar සමඟ කරළියට එන Colombo Strikers
- Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
- 2023 LPL ටිකට්වල ගණන් හිලව් නිවේදනය කරයි
- ළමා හදවත් සුවපත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පෙරට එයි
- LPL විකාශන අයිතියේ කැපී පෙනෙන වෙනසක්
Tim Seifert
නවසීලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ විශ්වසනීය ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් නම් ලද 28 වැනි වියේ පසුවෙන Tim Seifert ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් වෙන්නේ පළමු වතාවටයි.

කඩුලු රකින්නෙක් ලෙසින් ද කටයුතු කිරීමේ දක්ෂතා ඇති ඔහු මේ දක්වා කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 143කට දායක වී තිබෙන අතර Galle Titans කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 30,000ක මුදලකට වෙන්දේසි වෙමින්.
Chad Bowes
30 හැවිරිදි වියේ පසුවෙන Chad Bowes නවසීලන්තය වෙනුවෙන් මේ වසරේ දී එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් ක්‍රීඩකයෙක්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා සමඟ පළමු වරට එක් වෙන Chad Bowes ගාලු කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 58,000ක මුදලකට වෙන්දේසියේ දී අලෙවි වෙමින්.
Galle Titans කණ්ඩායමේ තරග කාලසටහන
| ප්‍රතිවාදීන් | දිනය | ක්‍රීඩාංගණය | වේලාව | |
| 1 | Dambulla Aura | ජූලි 31 | R. ප්‍රේමදාස (කොළඹ) | ප.ව. 3.00 |
| 2 | B – Love Kandy | අගෝස්තු 01 | R. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 3 | Colombo Strikers | අගෝස්තු 04 | පල්ලෙකැලේ | ප.ව. 3.00 |
| 4 | B – Love Kandy | අගෝස්තු 05 | පල්ලෙකැලේ | ප.ව. 3.00 |
| 5 | Jaffna Kings | අගෝස්තු 07 | පල්ලෙකැලේ | රාත්‍රී 7.30 |
| 6 | Dambulla Aura | අගෝස්තු 11 | R. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 7 | Jaffna Kings | අගෝස්තු 13 | R. ප්‍රේමදාස (කොළඹ) | ප.ව. 3.00 |
| 8 | Colombo Strikers | අගෝස්තු 15 | R. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
- Galle Titans කණ්ඩායම: දසුන් ශානක (නායක), Shakib Al Hasan, Tabraiz Shamsi, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්‍රසන්න, ලහිරු කුමාර, අශාන් ප්‍රියංජන්, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා, Ben Cutting, මිනෝද් භානුක, පසිඳු සූරියබණ්ඩාර, Mohommad Mithun, ෂෙවෝන් ඩැලියෙල්, මොහොමඩ් ශිරාෂ්, ලහිරු සමරකෝන්, Tim Seifert, කුසන් රාජිත, Chad Bowes, අකිල ධනංජය, විශ්ව ප්‍රනාන්දු, සොනාල් දිනූෂ, අවිශ්ක පෙරේරා සහ අනුක් ප්‍රනාන්දු.
මීළඟ ලිපියෙන් Dambulla Aura කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් පිළිබඳ ව දැනුවත් වෙමු.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















