ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

4167

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගි වීමට අවසර හිමි වනු ඇති බව වාර්තා වනවා. මේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් තහවුරු කර තිබුණා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියා.

“ක්‍රිකට් ක්‍රීඩාව රඳා පවතින්නේ ප්‍රේක්ෂකයන් මතයි. ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදියට මම සතුටින් නිවේදනය කරන්න කැමතියි සෞඛ්‍ය අංශ අපිට අවසර ලබා දුන්නා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සීමිත ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගි කරගන්න. ඒ දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති යටතේ”, නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා.

මීට අමතරව මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සඳහා ද ප්‍රේක්ෂකයන්ට සහභාගි වීමට අවසර හිමිවනවා.

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද සෞඛ්‍යාරක්ෂිත නීති සලකා බලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙලෙස අවසර ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<