උදාරගෙන් 96ක්; ජයග්‍රහණය ගුරුකුල විදුහලට

248
Singer U19 Schools cricket

පාසල් කෙළිබිමේ දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක අවසන් දිනය අද (20) ක්‍රියාත්මක විය. එම තරඟ වලින් කැලණිය ගුරුකුල විද්‍යාලය ඉණිමක ජයග්‍රහණයක් ලබා ගත් අතර, ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

දිනංජය මලියදේව විදුහලට ඉණිමක ජයක් ගෙන එයි

අද (19) අවසන් වූ 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ තරගයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉණිමේ ලබා ගැනීමට සමත් වූ අතර..

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය ලබා ගත් ගුරුකුල විද්‍යාලය මහර බන්ධනාගාර පිටියේදී පළමුව පන්දු යවන ලදි.

තරගයේ පළමු දිනය නිමාවන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ගුරුකුල විද්‍යාලය කඩුලු  6ක් දැවී ලකුණු 209ක් ලබාගෙන සිටි අතර එම ඉණිම වෙනුවෙන් ඊයේ සිටම කඩුල්ලේ රැදෙමින් ක්‍රීඩා කල උදාර රවිදු ලකුණු 96ක් ගුරුකුල පළමු ඉණිම වෙනුවෙන් ලබා ගැනීමට සමත් වෙද්දී, රවිනාත් ප්‍රභාෂ්වර කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

අනතුරුව පිටියට පැමිණි අනුරාධපුර මැදිවිදුහලට පළමු ඉණිම තරම්වත් සාර්ථක වීමට මලිදු නිදුරංග අවස්ථාවක් ලබා නොදුන් අතර, ප්‍රභාෂ්වරගේ ලකුණු 15 හැරෙන්නට සාර්ථක ලකුණක් ඔවුන්ගේ දෙවන ඉණිමේ දී සටහන් නොවීය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 49.2):  එච්.සචින් 69, ධනංජය ශම්මික 28, පෘථිවි රෑසර  4/38, ප්‍රවීන් නිමේෂ්  3/44

කැළණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 64.4): උදාර රවිදු 96, ටෙශාන් මලින්ද 52, පෘථිවි රෑසර 28, කෙමිර නයනතරැ 24, රවිනාත් ප්‍රභාෂ්වර 4/92, සිතුම් නිලුමින්ද 3/61, මදුරංග ශ්‍රී චන්ද්‍රරත්න 2/88

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 75 (පන්දුවාර 29): රවිනාත් ප්‍රභාෂ්වර 15, මලිදු නිදුරංග 3/15, ප්‍රවීන් නිමේෂ් 3/21, පෘථිවි රෑසර 2/07


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

මෙම තරගය ද C කාණ්ඩය යටතේ ඊයේ (19) ගම්පොළ වික්‍රමබාහු විද්‍යාල පිටියේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනූ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට ධර්මාශෝක විද්‍යාලයට ඇරයුම් කරන ලදී.

පළමු  දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, කඩුලු 4ක් දැවී ලකුණු 82ක් ලබාගෙන සිටි අතර ශසික විරාජ් නොදැවී ලකුණු 57*ක් ලබාගෙන එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වුවත්, පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට නොහැකි විය.

ධර්මාශෝක විද්‍යාලය ලකුණු 23ක වාසියක් ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල අතර එම ඉණිමට ලකුණු 73ක් එක්කිරීමට කසුන් මදුරංග සමත් විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 61): කවීෂ කුමාර 60, කසුන් මදුරංග 58, දිනුක ඩිල්ශාන් 26, මංජු පෙරේරා 3/18, නිම්සර අතරගල්ල 3/38,  උසිදු නිස්සංක 2/17

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය  – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 76): ශසික විරාජ් 57*, අභිෂේක් ඉසුරංග 24, මන්ජිත් රාජපක්ෂ 23, දිනුක ඩිල්ශාන් 3/06, යොහාන් ද සොයිසා 3/13, උෂාන් ඉමන්ත 2/40

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 229 (පන්දුවාර 56.4): කසුන් මදුරංග 73, දිනුක ඩිල්ශාන් 29 , ලොහාන් ද සොයිසා 22, උෂාන් ඉමන්ත 22*, උසිදු නිස්සංක 4/40


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර තණතිල්ල මත කාසියේ වාසිය දිනූ වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටියි.

වේල්ස් කුමර විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කරන්නට අවිදු ප්‍රනාන්දු හා සවිදු පීරිස්ට හැකිවිය. එහිදී අවාසනාවන්ත ලෙස තම අර්ධ ශතකයට තවත් එක් ලකුණක් පමණක් ලබා ගැනීමට තිබියදී සවිදු දැවීයන ලදි. මොහොමඩ් අමීන් ලකුණු 79කට කඩුලු 6ක් දවාලමින් සාන්ත පීතර විද්‍යාලයේ පන්දු බලඇණිය සවිබල ගැන්විණ.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 230 dec  (පන්දුවාර 85.1): අවිදු ප්‍රනාන්දු 51, සවිදු පීරිස් 49, සදුන් ප්‍රනාන්දු 42, දිලංක  මදුරංග 44, මොහොමඩ් අමීන් 6/79

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 22 (පන්දුවාර 7)

සාන්ත පීතර විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 208ක් පසුපසින් පසුවෙයි


කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

පන්නිපිටිය ධර්මපාල විදුහල් පිටියේදී අද පළමු දිනට ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. පළමු දිනයට තරගය නිමාවන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ඇලෝසියස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 15යි.

පසිදු චානක ලකුණු 70ක් ලබාගෙන ඩී.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 306ක් දක්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට සමත් විය. සනුක නික්ලේෂ ලකුණු 82කට කඩුලු 5ක් දවාලමින් සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සහනයක් වූ අතර මුදිත ලක්ෂාන් නොදැවී ලකුණු 41* ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පළමු ඉණිමට එක් කරවිය.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 87.5): පසිදු චානක 70, මුදිත ලක්ෂාන් 41*, ටිරෝන් බස්කරන් 40, ශසික ගමගේ 36, මෙත්සිත් ජයමාන්න 35, සනුක නික්ලේෂ 5/82

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 15 (පන්දුවාර 5):

සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඩී.එස්.සේනානායක විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 291ක් පසුපසින් සිටිති.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට