ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව ඇදුමක්

516

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල සාමාන්‍ය ඇදුම් (Casual Cloths) සඳහා නිල අනුග්‍රාහකත්වය දැක්වීමට හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ එක් ආයතනයක් වන LiCC ආයතනය ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවේ දී බින්දුවට දැවී ගිය ලොව හොඳම පිතිකරු

ඒ 1930 අප්‍රේල් 02 වැනිදා ය. ශ්‍රී ලංකාව සමඟ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොළඹ ඕවල් පිටියේ දී ටෙස්ට් …

කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී ලොව ප්‍රසිද්ධියට පත් ඩෙනිම් හා ටී ෂර්ට් නිෂ්පාදන ආයතනයක් වන LiCC ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල සාමාන්‍ය (Casual) ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්නේය.

ඒ නිසාවෙන් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම, ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම, සංවර්ධන ක්‍රිකට් කණ්ඩායම, වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රිකට් කණ්ඩායම්වල නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේම නිල සාමාන්‍ය ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට LiCC ආයතනය තීරණය කර ඇත.

“LiCC ආයතනය මේ අවස්ථාවේ දී අපේ කණ්ඩායම්වල නිල සාමාන්‍ය ඇඳුම් සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරියට පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇත්ත වශයෙන්ම සතුටට පත්වෙනවා. අපි සෑහීමකට පත් වෙනවා LiCC ආයතනයේ ඇඳුම්වල නිමාව පිළිබඳව.”

මුල් පුටුවේ සටනට සුමතිපාල, රණතුංග, ජයන්ත සහ මොහාන්

එළඹෙන 31වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට තරග වදිනු ලබන සම්පූර්ණ අපේක්ෂකයින්ගේ …

එම උත්සව අවස්ථාව සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා එසේ සිය අදහස් දක්වන ලදි.

ඒ අනුව දේශීය මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට/සංචාරයකට යන විට හෝ මාධ්‍ය සාකච්ඡාවක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යම් උත්සව අවස්ථාවක් සඳහා සහභාගී වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන් එම නිල කැෂුවල් ඇඳුම භාවිතා කරනු ඇත.

“මේ අවස්ථාව අපේ ආයතනයට ඉතාමත් වැදගත් අවස්ථාවක්, මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට රැගෙන යන්න පිරිස අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක්. මෙවන් වූ අනුග්‍රාහකත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට හැකි වීම පිළිබඳව ඇත්තටම සතුටුයි.” යැයි ඒ අවස්ථාවට එක්වූ හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක විනෝද් හයිඩ්‍රාමනී මහතා පැවසීය.

වසර 100කට අධික ඉතිහාසයකට හිමිකම් කියමින් පුළුල් ව්‍යාපාර ජාලයක් වන හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ එක් ආයතනයක් වන LiCC ආයතනය නව තාක්ෂණයත් සමඟින් ඉදිරි අනාගත ලොව ජය ගැනීමට සූදානම්ව සිටින ආයතනයකි. මෙම ආයතනය ලොව පුරා රටවල් හයක් ආශ්‍රිතව ප්‍රධාන වෙළදාම් කටයුතු සිදු කරනු ලබන අතර 60,000කට අධික සේවකයන් ප්‍රමාණයක් ලොව පුරා මෙම ආයතනය වෙනුවෙන් සේවයේ නියැලෙමින් සිටී.

“තරගයක් පාවාදෙන්න තනියෙන් පුළුවන් ද?” – රවීන් වික්‍රමරත්න

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජය අතර පසුගිය වසරේ දී පැවති තුන්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර …

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා, එහි උපලේකම් රවීන් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හා හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක විනෝද් හයිඩ්‍රාමනී මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පැමිණ සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<