“මට තව අවුරුදු දෙකක් ක්‍රිකට් ගහන්න පුළුවන්” – මාලිංග

63

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට සූදානමින් පසුවන ලසිත් මාලිංගගේ ශරීරය 2021 වසර දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට සහය දක්වනු ඇතැයි අපේක්ෂා කරයි. 

බංග්ලාදේශ ක්‍රීඩකයෙකු තවත් ක්‍රීඩකයෙකුට පිටිය මැද දී පයින් ගසයි!

බංගලාදේශ ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Shahadat Hossain හට වසර පහක තරග…

දැනට 36 හැවිරිදි වියේ පසු වන මාලිංග 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසේ.

පසුගිය සැප්තැම්බර් මස නිමා වූ ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නොසිටි නමුත් සිය අත්දැකීම් උපයෝගී කර ගනිමින් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන්නට මාලිංග සමත් විය. 

කෙසේ නමුත් ඔහුගේ නායකත්වය යටතේ අවසන් වරට සහභාගී වූ 20-20 තරගාවලිවල දී ශ්‍රී ලංකාවට කණ්ඩායමක් ලෙස එතරම් සාර්ථක වීමට අවස්ථාව උදා වූයේ නැත. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2020 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ කවුරුන් විසින් ද යන වග තවමත් නිල වශයෙන් පවසා නොමැත.  

“2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වීමට සිදු වන්නේ මා හට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට කිව්වා. හැබැයි ඉදිරියේ දී ඒක කොහොම වෙයි ද දන්නේ නැහැ. මොකද මේක ශ්‍රී ලංකාව නිසා. විස්සයි විස්ස ක්‍රිකට් තරගවල දී යවන්න තියෙන්නේ පන්දුවාර 4ක් විතරයි. පන්දු යවන්නෙක් ලෙස වගේම නායකයෙක් ලෙසත් මට ඒ දේ තාමත් කරන්න හැකියාව තියෙනවා කියලා මම හිතනවා.” යැයි මාලිංග ESPNcricinfo වෙබ් අඩවියට පවසා තිබේ.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත්වූ මාලිංග විස්සයි විස්ස, එක්දින හා ටෙස්ට් ක්‍රිකට් යන අංශයන් තුනේම කඩුලු 100 සීමාව පසු කළ පළමු සහ එකම පන්දු යවන්නා බවට පත් විය. 

මවගේ වියෝවෙන් දුක් වූ 16 හැවිරිදි පොඩ්ඩාට ටෙස්ට් වරම්!

පාකිස්තාන යොවුන් ක්‍රීඩක නසීම් ෂා තවමත් 16 වන වියේ පසුවන අතර ඔහුගේ මව පසුගිය සතියේ දී…

“සහජ දක්ෂතාවය තියෙන පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ ගොඩක් අඩුයි. ඒකට අපිට අවුරුද්දකින් දෙකකින් විසඳුම් හොයා ගන්න බැහැ. ඒකට ටිකක් කාලය ඕන. ඒ වගේම පුහුණුවීම් කරලා කරලා  දක්ෂතාවය ලබා ගන්න පන්දු යවන්නෝ වුනත් ඔවුන් දක්වන දස්කම් නොනවත්වා පවත්වා ගෙන යන්න ඕන. ඒකට බෙන්ච් එකේ ඉඳලා පන්දු යවන විදිහ බලාගෙන ඉඳලා ඉගෙන ගන්න බැහැ. පන්දු යවලා යවලාම පුරුදු වෙන්න ඕන. තරුණ ක්‍රීඩකයින්ට ඒ දේ කරන්න ඕන කොහොමද කියලා කියලා දෙන්න මට පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් ඒකට ඒ ක්‍රීඩකයින් මම පිටිය මැද දී කරන දේවල් ඉගෙන ගන්න ඕන. නමුත් මම ක්‍රීඩා කරන්නේ නැතිව මට ඒ දේ ඔවුන්ට පෙන්වන්න බැහැ.” මාලිංග එහිදී වැඩිදුරටත් පවසන ලදි.

මාලිංග ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්වූ පසුව ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ තරග 10න් 8ක් පරාජයට පත්වී තිබේ. අනෙක් තරග දෙකෙන් එක් තරගයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන අතර අනෙක් තරගය ලකුණු සමවීමෙන් අවසන් වී තිබේ. 

මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජය ගත් එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය වන්නේ නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයයි. එම තරගයේ දී මාලිංග පන්දු 4ක දී කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා දොරටු විවර කළේය. ඔහුගේ ක්‍රිකට් දිවිය තුල එවැනි දස්කමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙයයි. 

දසුන්, මැතිව්ස්, තරංග සහ කුමාර T10 හි වැඩ පෙන්වයි

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු දින 3 නිමා වන විට දසුන්…

මාලිංග ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රටාව තුල ද ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙක් වන අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL  ක්‍රිකට් තරගාවලිවල දී නිරන්තරයෙන් මාලිංගගේ සහය ලබා ගනියි. 2018 වසරේ පැවති අවසන් IPL තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ මාලිංග සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යන්නට සමත් විය. 

“මට වැඩියෙන්ම ගැළපෙන තරග රටාව වන්නේ විස්සයි විස්ස තරග රටාව කියලයි මට හිතෙන්නේ. නමුත් සමහර ලීග් තරගාවලිවලට මාව තෝරාගෙන නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. එහෙම වුනා කියලා මම මගේ ඉලක්කයන් වෙත යන එක නවත්වන්නේ නැහැ. එය මම දකින්නේ තවත් තරුණ ක්‍රීඩකයෙකුට මෙම ආකෘතිය ක්‍රීඩා කිරීමට ලැබුණු හොඳ අවස්ථාවක් ලෙසයි.” යැයි මාලිංග අවසන් ලෙස ESPNcricinfo වෙබ් අඩවියට පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<