12 වන රාජකීය වොලිබෝල් තරගාවලිය මේ සති අන්තයේ

946

12 වැනි වතාවටත් පැවැත්වෙන ‘ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ’ බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් ශූරතාවලිය එළඹෙන ජුනි 9 වැනිදා හා 10 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

වෙරළ වොලිබෝල් වැඩි ගෞරවය ගුවන් සහ යුද හමුදාවට

SUNQUICK ආයතනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු…

මෙම තරගාවලිය රාජකීය විද්‍යාලයීය වොලිබෝල් අනුශාසක හා කළමනාකරණ සංගමය (Royal College Union Volleyball Advisory and Management Committee – RCUVAMC) හා රාජකීය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය එක්ව සංවිධානය කරයි.

වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ ලෙස වයස් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වෙන අතර බාලිකා කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක වන්නේ වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය පමණි. මෙම තරගාවලිය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 50ක් නියෝජනය කරමින් කණ්ඩායම් 100කට පමණ ඉතා තරගකාරී තරග අත්දැකීමකට දොර විවර වනු ඇත.  

අපගේ ප්‍රධාන අරමුණ හොඳ තත්වයේ පාසල් වොලිබෝල් තරගාවලියක් පවත්වලා අපේ ජාතික ක්‍රීඩාව තවත් නගාසිටුවන්න, වොලිබෝල් ක්‍රීඩාව ජාතික හා පාසල් මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමත් අපේ අරමුණක්, 2005 මෙම තරගාවලිය ආරම්භ වීමත් සමඟ අප බොහෝ දුර පැමිණියා, මේ අප‍ 12 වැනි වසරයි.” රාජකීය විද්‍යාලයීය වොලිබෝල් අනුශාසක හා කළමනාකරණ සංගමයේ සභාපති නිර්මල සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ්’ අන්තර් පාසල් වොලිබෝල් තරගාවලිය මේ වන විට බස්නාහිර පළාතේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉහළම තලයේ වොලිබෝල් තරගාවලියක් බවට පත්ව තිබේ.

“RCUVAMC සමත්වී තිබෙනවා ඉතා හොඳ මට්ටමේ වොලිබෝල් තරගාවලියක් සංවිධානය කරන්න, රාජකීය විද්‍යාලයේ දී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයින් රාශියක් ජාතික තලයට පිවිසුණා.” සරත්චන්ද්‍ර මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ඉහළම තලයේ විනිසුරුවරු මෙම තරගාවලියට සහභාගී වන අතර ජයග්‍රහකයින්ට තරගාවලියේ වීරයා, හොඳම පන්දු සකසන්නා සහ තවත් සම්මාන රාශියක් ලබා දීමට නියමිතය.

තරගාවලිය එළඹෙන ජුනි 9දා උදෑසන 8.30 ආරම්භ වන අතර අවසාන පූර්ව තරග හා අවසාන මහා තරග ජුනි 10 වැනිදා උදෑසන 10.30 සිට පැවැත්වීමට නියමිතයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<