ලැබ්රෝයි ඇතුළු 23ක් යොවුන් ලෝක කුසලානයේ විනිසුරු මණ්ඩලයට

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1704
Graeme Labrooy

ජනවාරි 14 සිට පෙබරවාරි 5 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වෙන 2022 ICC 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන විනිසුරු සහ තරග තීරක පත්වීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා විනිසුරුවරුන් 19ක් සහ තරග තීරකවරුන් 3ක් ඇතුළත්.

සමස්තයක් වශයෙන්, විවිධ රටවල් 14ක විනිසුරුවන් 19 දෙනෙකු පිටියේ සිටින අතර තරගාවලියේ පළමු අදියර පුරාවට පස් දෙනෙකු රූපවාහිනී විනිසුරුවරයාගේ කාර්යභාරය ඉටු කරනු ඇත.

හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්රෝයි, බටහිර  ඉන්දීය කොදෙව් හි Denavon Hayles සහ එංගලන්තයේ Phil Whitticase මේ තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනවා.

පළමු වටය අවසන් වූ පසුව, පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා විනිසුරුවන් සහ තරග තීරකවරුන් නම් කිරීමට නියමිතයි

තරගාවලියේ නිලධාරී මණ්ඩලය මෙසේයි,

විනිසුරුවන්: Asif Yaqoob, Allan Haggo, Arnold Maddela, Buddhi Pradhan, David McLean, David Millns, Emmerson Carington, Heath Kearns, Jacquline Williams, Mark Jameson, Martin Saggers, Nitin Bathi, Rahul Asher, Rashid Riaz, Rizwan Akram, Roland Black, Sameer Bandekar, Sarika Prasad, Vijay Prakash Mallela

තරග තීරකවරුන්: Graeme Labrooy, Denavon Hayles, Phil Whitticase

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • උගන්ඩාව – ජනවාරි 10 – Guyana හිදී (පුහුණු තරගය)
  • අයර්ලන්තය – ජනවාරි 12 – Guyana හිදී (පුහුණු තරගය)
  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<