ලහිරු කුමාරට සහ Liton Dasට දඩ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

311

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අතරතුර ක්‍රීඩකයින් සහ ක්‍රීඩකයින්ගේ සහායකයින් සඳහා තිබෙන ICC ආචාර ධර්ම පද්ධතිය කඩකරමින් හැසිරුණු ලහිරු කුමාර සහ Liton Das Kumar හට පිළිවෙලින් ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 25%ක සහ 15%ක දඩයක් නියම කිරීමට ICC පියවර ගෙන තිබෙනවා.

ලහිරු, ක්‍රීඩකයින් සහ ක්‍රීඩකයින්ගේ සහායකයින් සඳහා තිබෙන ICC ආචාර ධර්ම පද්ධතියේ 2.5 වගන්තිය වන “ජාත්‍යන්තර තරගයක දී ඔහුගේ/ඇයගේ දැවී යාමේ දී පිතිකරුවෙකුගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකි හෝ අවමන් කරන භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම” යන වගන්තිය මෙහි දී කඩ කර තිබෙනවා.

එසේම බංග්ලාදේශ ක්‍රීඩක Liton Das ක්‍රීඩකයින් සහ ක්‍රීඩකයින්ගේ සහායකයින් සඳහා තිබෙන ICC ආචාර ධර්ම පද්ධතියේ 2.20 වගන්තිය වන “ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි හැසිරීමක්” යන වගන්තිය මෙහි දී කඩ කර තිබෙනවා. ඊට අමතරව ඔවුන් දෙදෙනාගේම මේ විනය විරෝධී හැසිරීම් සඳහා අවගුණ ලකුණක බැගින් ලබා දීමට ද ICC පියවර ගෙන තිබෙනවා.

මේ සිදුවීම සිදු වූයේ ඊයේ (24) පැවති බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගයේ බංග්ලාදේශ ඉනිම අතරතුරයි.

ශ්‍රී ලංකාව මුහුණදෙන මීළඟ තරගය මේ මස 28 වැනිදා ඩුබායි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<