මෙන්ඩිස් ඇතුළු ක්‍රිකට් තරු වැඩිහිටි සහ ළමා නිවාස කිහිපයක් සඳහා සරණ වෙයි

192
Kusal Mendis

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද කොළඹ ප්‍රදේශයේ වැඩිහිටි නිවාස දෙකක් සහ ළමා නිවාසයක් සඳහා අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් අද (3) දිනයේ දී බෙදා දී තිබේ. 

විශිෂ්ට පන්දු රැකීම සහ කොරෝනාවෙන් රට රැකීම

පන්දුවට පහර දීමේ දී වඩාත් නුවණට හුරු වුනේ මෙම පන්දු රකින්නන්ට හැකිතාක් ඈතින් පන්දුව ස්ථානගත

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්‍ය බලකායෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ මධ්‍යම කොට්ඨාශයේ ස්ථාපිතව පවතින සුබසාධන අවශ්‍යතා ඇති වැඩිහිටි නිවාසවල සිටින 180කට වැඩි ප්‍රමාණයක් සඳහා සරිලන ලෙස මේ අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ බෙදා දී ඇත. 

ඒ සඳහා කුසල් මෙන්ඩිස්ට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, ධම්මික ප්‍රසාද්, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, රොන් චන්ද්‍රගුප්ත යන හිටපු සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහය ලබා දී තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.

කොරෝනා වයිරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින්, රජයේ, සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශවල උපදෙස්  පිළිපදිමින් තැන්පත්ව සිටීමය. ඉවසමු, නිවසට වී සිටිමු!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<