දකුණතින් පිතිකරණයේ නිරත වන යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද, හෙට (2) සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා සහභාගි නොවන බව දැන ගන්නට ලැබී තිබේ.

මාලිංග හෙට තරගෙට නැහැ

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (2) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත දෙවන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (2) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර, පසුගිය තරගයේ දී පන්දු 80ක් වැය කරමින් 4 පහර 8ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 86ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද මේ වන විට වෛරස් උණකට ගොදුරු වී ඇත. ඒ අනුව ඔහු හෙට තරගයේ දී විවේක ගන්වන ලෙස වෛද්‍යවරුන් පවසා ඇත.

මේ වන විට ලසිත් මාලිංග හා කුසල් මෙන්ඩිස් ද මෙම වෛරස් උණට ගොදුරු ව ඇති අතර, ඒ නිසාවෙන් චාමර කපුගෙදර හා සුරංග ලක්මාල් සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට