2020 පැරාලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූ කුමුදු ප්‍රියංකා ශ්‍රී ලංකා වේලාවෙන් අද (31) උදෑසන තරග බිමට පිවිසියා. ඇය සහභාගි වූයේ T47 කාණ්ඩයේ කාන්තා මීටර් 100 මූලික තරගයටයි.
තරග දෙකකින් සමන්විත වූ මෙහි පළමු මීටර් 100 මූලික තරගය කුමුදු තත්පර 13.31ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වූ අතර ඇයට හිමි වුනේ එහි අටවැනි ස්ථානයයි. එම නිසාවෙන් ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකි වුනේ නැහැ.
>> පැරාලිම්පික් තරගාවලියේ 4 වැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<
කුමුදු සහභාගී වූ මූලික වටයේ තරගයේ පළමු ස්ථානය තත්පර 12.14ක කාලයකින් තරගය අවසන් කළ වෙනිසියුලානු ක්‍රීඩිකා Lisbeli Vera විසින් දිනා ගත් අතර තත්පර 12.26ක කාලයකින් තරගය නිමා කළ ඇමරිකානු ක්‍රීඩිකා Deja Young හට දෙවැනි තැන හිමි වුනා.
- දිනේෂ් ලෝක වාර්තා සමඟ රන් දිනද්දී සමිතගෙන් ලෝකඩ පදක්කමක්
- පැරාලිම්පික් යන “බුත්තල ලොක්කි” කුමුදු ප්‍රියංකා
- Video – අවාසනාව වාසනාවක් කරගෙන ලෝකය ජයගත් කුමුදු – කුමුදු ප්‍රියංකා
- දෑත් අහිමිව ජාත්‍යන්තරය ජය ගත් ඊජිප්තුවේ Mr. Impossible
- Video – අමරණීය වාර්තාවක් සමඟ දිනේෂ් රන් දිනද්දී සමිතගෙන් ලෝකඩ පදක්කමක්
කෙසේ නමුත් කුමුදු හට මෙවර පැරාලිම්පික් උළෙලේ තවත් ඉසව්වක් ඉතිරිව ඇති අතර ඇය සිකුරාදා (03) T47 කාණ්ඩයේ කාන්තා දුර පැනීම අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි.

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<






















