සංගගේ සභාපති ධූරය වසරකින් දීර්ඝ කරන්න යයි

76
Kumar Sangakkara

පසුගිය වසරේ ඔක්තෝබර් 19 වැනිදා සිට වසරක කාලයක් සඳහා එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ කුමාර් සංගක්කාරගේ ධූර කාලය තවත් වසරකින් එනම් 2021 වසරේ සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වේ. 

මංගල සීයේ තරගාවලිය කල් යයි

The Hundred තරගාවලියේ මංගල තරග වාරය COVID-19 වයිරස ව්‍යාප්තිය…

ලොව පුරා පැතිරී තිබෙන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් තවත් වසරක් දක්වා සංගක්කාරගේ ධූර කාලය දීර්ඝ කිරීමට මාලිබෝන් ක්‍රිකට් සමාජය විසින් තීරණය කර ඇති අතර මීට අදාල යෝජනාව ජුනි 24 වැනිදා පැවැත්වීමට නියමිත එම සමාජයේ වාර්ෂික කමිටු හමුව සඳහා ඉදිරිපත් කොට අනුමත කර ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර සඳහා පත්වූ පළමු සහ එකම බ්‍රිතාන්‍යයේ නොවන පුද්ගලයා වන්නේ කුමාර් සංගක්කාර ය. ඉකුත් වසරේ මැයි 1 වැනිදා නව සභාපති ධූරය සඳහා කුමාර් සංගක්කාර යෝජනා කළේ හිටපු සභාපති වන Anthony Wreford විසිනි. ඒ එම ක්‍රීඩා සමාජයේ මහ ගෙදර වන ලෝඩ්ස් හිදී පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දීයි. 

මාලිබෝන් ක්‍රිකට් සමාජය සඳහා තේරී පත්වන සභාපතිවරුන් සාමාන්‍යයෙන් වසරක කාලයක් සඳහා තේරී පත්වන නමුත්, අවශ්‍යතාවයක් තිබේ නම් පමණක්, වාර්ෂික කමිටු හමුවේ ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඊට අනුමැති ලබා ගැනීම හරහා ධූර කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාව පවති. 

මීට පෙර පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේ දී හෝක් සාමිවරයා (1914-18) සහ ස්ටැන්ලි ක්‍රිස්ටෝපර්සන් (1939-45) යන සභාපතිවරුන් වැඩි කාලයක් එම සමාජයේ සභාපති ධූරයේ කටයුතු කර ඇත. 

මැච් දිනවන චන්දන

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම යනු අපහසු…

සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් සමාජය සමඟ දිගු කලක සිට කටයුතු කරන අතර 2011 වසරේ MCC Spirit Of Cricket Cowdrey දේශනය පැවැත්වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය. එම දේශනය කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් ජීවිතයට මහත් වටිනා අවස්ථාවක් වූ බව නොරහසකි. ඔහුගේ දේශනය ලොව පුරා සිටින සියලු ක්‍රීඩකයන්ට වටිනා ආදර්ශයක් සැපයීමට ද සමත් විය.

2012 වසරේ දී MCC විසින් ජීවිත කාලය සඳහාම පවතින ගෞරව සාමාජිකත්වය කුමාර් සංගක්කාර හට පිරිනැමූ අතර එම වසරේ සිටම ඔහු එම ක්‍රිකට් ආයතනයේ කමිටු සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි.

බෙන් ස්ටොක්ස් මැරතන් දුවයි

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය…

පාකිස්තානය තුල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සුදුසු ආරක්ෂිත වාතාවරණයක් පවතින බව ලොවට පෙන්වමින් එංගලන්තයේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් සමාජයක් වන මාලිබෝන් ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ප්‍රදර්ශන තරග කීපයක් සඳහා එක්වූ අතර එහි දී එම කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ සංගක්කාර වෙතයි. 1973 වසරට පසුව MCC කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයේ යෙදුණු පළමු අවස්ථාව ලෙස එම තරග සංචාරය ඉතිහාසගත විය.

තවද සංගක්කාර සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය සහ Specsavers County Championship Division One 2019 තරගාවලිය ජය ගත් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර තරගයක්, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් Covid-19 වසංගත තත්වය නිසා එම තරගය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට සංවිධායකයින්ට සිදු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<