බෙන් ස්ටොක්ස් මැරතන් දුවයි

115

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සඳහා ආධාර එකතු කිරීම සඳහා පැවැත්වුණු මැරතන් තරගයක් සඳහා එක්වී තිබෙනවා. අර්ධ මැරතන් තරගයක් (half marathon) ලෙස පැවැත්වුණු මේ තරගය ස්ටොක්ස් සහභාගී වූ පළමු මැරතන් තරගය බවයි ඔහු පවසා සිටින්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඇමති ලෝක කුසලානය ගැන දෙගිඩියාවෙන්

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමත් සමඟම ලොව පුරා සියලු …….

ලෝක ශූර බෙන් ස්ටොක්ස් එම තරගය පැයයි මිනිත්තු 39කින් නිමා කළ අතර එම තරගයෙන් ලැබෙන මුදල් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ අරමුදලට සහ දරුවන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්වුණු ජාතික අරමුදලකට බැර වනු ඇත.

උතුරු එංගලන්තයේ සිය නිවස ආසන්නයේම ස්ටොක්ස් මැරතන් තරගය සම්පූර්ණ කළ අතර ඔහු සිය රසිකයින්ට පවසා සිටියේ සිය නිවාස පසුපස උද්‍යානයේ සම්පූර්ණ මැරතන් තරගයක් සම්පූර්ණ කළ ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු පිහිට වූ ආධාර එකතු කිරීමේ Facebook පිටුවට සිය දායකත්වය ලබා දෙන ලෙසයි.

ධාවනය නිමා කළ පසුව ස්ටොක්ස් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් මෙසේ පවසා තිබුණා. “ඒක හරිම අමාරු වුනා. කරුණාකර ඔබට හැකි නම් මුදල් පරිත්‍යාග කරන්න. ඒ සියල්ලම ජාතික සෞඛ්‍ය සේවයේ අරමුදල් වෙතයි.”

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඇමති ලෝක කුසලානය ගැන දෙගිඩියාවෙන්

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමත් සමඟම ලොව පුරා සියලු …………

“Chance to Shine” අරමුදලේ ලෝරා කොර්ඩින්ග්ලි පවසා සිටියේ, “බෙන් ඔහුගේ සහයෝගය අපිට ලබා දීලා මේ අරමුදල් එකතු කිරීමට එකතු වීම හරිම විශිෂ්ටයි. මට හොඳටම විශ්වාසයි ඔහුට තනිවම ගොඩක් මුදලක් එකතු කරන්න තිබුණා. නමුත් ඔහු මුදල් එකතු කිරීමේ පිටුවකට සහය දීම ඉතා හොඳ ක්‍රියාවක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<