සංගක්කාරට ජාත්‍යන්තර උපදේශක තනතුරක්

324

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර සංගක්කාර මහතා පත් කර තිබේ.

සංගා පාකිස්තානය හොල්ලයි!

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවල දී වැඩිම ලකුණු ලාභියා බවට…

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මේලනය (FICA) යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ක්‍රීඩකයන් නියෝජනය කරන ආයතනයයි. 1998 දී පිහිටුවන ලද මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය ස්ථාපිත කරන ලද සියලුම ක්‍රීඩක සංගම්වල ක්‍රියාකාරිත්වය සම්බන්ධව ලෝකය පුරා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන ලදි. ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් ආගම, දේශපාලනය හා ජාතිය නොසලකා ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ පොදු උනන්දුව පිළිබඳ අවධානය යොමු කරන ජාත්‍යන්තර ආයතනයක් ලෙස එය හැඳින්විය හැකි වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ නියෝජිත කෙන් ද අල්විස් මහතා පවසා සිටියේ මීට පෙර පැවති මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර සංගක්කාරගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලය වෙනුවෙන් යෝජනා කරන ලද බවයි.

“නැති බැරි සහ ඇති හැකි ශ්‍රී ලංකා ක්‍රිකට්” ගැන සංගා කතා කරයි

ක්‍රිකට් ගැන මත, දුර්මත, ප්‍රතිමත පැතිර යන කාලයක ක්‍රිකට් ගැන විශ්ලේෂණය කිරීම ද ඇතැම් විට හාස්‍යජනක අත්දැකීමක් මෙන් දිස්විය හැක. එහෙත් ක්‍රිකට්…

“සංගා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ගැටලු පමණක් නොව සියලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ උනන්දුව හා ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රියා කරනු ඇත.” යනුවෙන් කෙන් ද අල්විස් මහතා එහි දී පැවසීය.

ක්‍රීඩාවේ ඉහළ මට්ටමේ වැදගත් කාරණාවල දී ක්‍රීඩකයින්ට ශක්තිමත් හා ඒකාබද්ධ හඬක් ඇති කිරීමට මෙම කමිටුව වගබලා ගනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) ක්‍රීඩක උපදේශක කමිටුව

  • රොස් ටේලර් (නවසීලන්තය)
  • ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්)
  • විලියම් පෝටර්ෆීල්ඩ් (අයර්ලන්තය)
  • ශකීබ් අල් හසන් (බංග්ලාදේශය)
  • ආරෝන් ෆින්ච් (ඔස්ට්‍රේලියාව)
  • ජේපී ඩුමිනි (දකුණු අප්‍රිකාව)
  • කයිල් කෙස්ටර් (ස්කොට්ලන්තය)
  • කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)
  • වික්‍රම් සෝලන්කි (FICA සභාපති – එංගලන්තය)
  • ග්‍රැහැම් ස්මිත් (දකුණු අප්‍රිකාව)
  • ටොම් මොෆට් (FICA COO)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<