Samaposha U14 Football Tournament

වයස අවුරුදු 14න් පහළ සමපෝෂ පාපන්දු ශූරතාවලියේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා වන තරග ඊයේ (24) පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. ඒ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් සහභාගී වූ අතර තරගාවලිය පවත්වනු ලැබුවේ ලීග් ක්‍රමය යටතේ ය.

උපුල් චන්දන, චමින්ද වාස් පාපන්දුවෙන් වැඩ පෙන්නයි

ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පාපන්දු සමාජය හා ආදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අතර පැවැත්වූ පාපන්දු තරගය…

පළමු වටය අවසානයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලය, පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසැල සහ ගලැල්ල අල් අසාර් මුස්ලිම් මහා විද්‍යාලය යන කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

අනතුරුව ඊයේ දිනය තුළ පැවති අවසන් තරගය ලෙස මැදිරිගිරිය ජාතික පාසල සහ අල් අසාර් මුස්ලිම් මහා විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය පැවැත්වුණු අතර එහි දී ගෝල 3-0ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගන්නට අල් අසාර් මුස්ලිම් මහා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය කොළඹ පාපන්දු සමාජය, සහ මාතර සිටි කණ්ඩායම්වලට

2017 වසර සඳහා වන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 6 වන තරග සතියේ..

ඒ අනුව අද (25) උදෑසන පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර එහි ජයග්‍රාහකයා ඉන් අනතුරුව පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<