හැව්ලොක් – මහනුවර තරගයේ වෙනසක්

589

මෙවර ඩයලොග් ලීගයේ විදුලි ආලෝකය මධ්‍යයේ (Under Lights) පැවැත්වීමට නියමිත වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගය සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව එළඹෙන 16 වැනිදා ප.ව. 6.15ට ආරම්භ වීමට නියමිතව තිබූ එම තරගය ප.ව. 4.15ට ආරම්භ කරනු ඇත.

හැව්ලොක් ආධිපත්‍යය CH හමුවේ බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත්…..

මෙවර ඩයලොග් රග්බි ලීගයේ මේ වන විට පෙරමුණ ගෙන තිබෙන කණ්ඩායම් ද්විත්වය වන්නේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය යි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම, එළඹෙන සතියේ ආරම්භ වීමට නියමිත “සුපිරි වටය” ට ප්‍රථම මෙවර ලීගයේ පෙරමුණ ගන්නා කණ්ඩායම වනු ඇත.

හැව්ලොක් – මහනුවර තරගය සඳහා විදේශීය ජාතික විනිසුරුවරයෙකුගේ ද සහාය හිමිවන අතර එය සුපිරි වටය ආරම්භ වීමට පෙර පවත්වනු ලබන තරගකාරීම තරගය වන බව නොඅනුමානය.

දක්ෂතාවය සහ අත්දැකීම් බහුලත්වය නිසාම හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් සහ මහනුවර ක්‍රීඩා සමාජයේ පසුපෙළ ක්‍රීඩකයින් අතර එකිනෙකාට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කරන බව නොරහසකි. එම නිසාම මෙම තරගය රග්බි ප්‍රේක්ෂකයන්ට විශේෂ තරගයක් වනු ඇත.

යොවුන් CR ක්‍රීඩකයින් හමුවේ මහනුවර ගෞරවය නූලෙන් බේරේ

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ තවත් ඉතා වැදගත්…..

 

කෙසේ නමුත් තරගය පැවැත්වෙන හැව්ලොක් ක්‍රීඩාංගණය තමන්ට සුපුරුදු නිසාත් මහනුවර ක්‍රීඩකයින්ගේ ගමන් විඩාවත් නිසා හැව්ලොක් ක්‍රීඩා සමාජයට යම් වාසියක් හිමිවනු ඇත.

තරගයේ සජීව විකාශය සුපුරුදු පරිදි ThePapare.com අපගේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<