හිටපු ශූරයා නැවත පැමිණීමට දින ගනියි

53

මෙම වසරේ පැවැත්වීමට තිබූ බොහෝ මැරතන් ධාවන තරග පවතින කොරෝන වයිරස තත්වය නිසා කල් දැමීමට තීරණය කර ඇති අතර සුප්‍රකට බොස්ටන් මැරතන් තරගාවලිය ද  සැප්තැම්බර් මස දක්වා කල් දැමීමට සංවිධායකයින් පසුගිය දා තීරණය කළේය.

වසර 4කට තරග තහනමක්!!

මේ දිනවල අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය තහනම් උත්තේජක පිළිබඳව…..

එම කල්‍ දැමීමත් සමඟ 2012 වසරේ බොස්ටන් මැරතන් ධාවන තරගාවලිය ජය ගත් කෙන්යානු දිගුදුර ධාවන ශූර වෙස්ලි කොරීර් තමන් නැවතත් මෙම තරගය නියෝජනය කරමින් ක්‍රීඩා පිටියට පා තැබීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

ආබාධයක් නිසා වසරක පමණ කාලයක සිට පිටියෙන් ඉවත්ව සිටින වෙස්ලි මේ වන විට 38 වැනි වියෙහි පසුවේ. මෙම තරගාවලිය කල් යාම ගැන අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තරගාවලිය කල් දැමීම තමන් හට ආබාධයෙන් සුව වී හොඳින් සූදානම් වීමට ලැබුණ ආශීර්වාදයක් බවයි.

“මාගේ ඉලක්කය මෙවර බොස්ටන් මැරතන් ධාවන තරගාවලියට සහභාගි වීමයි. මා විශ්වාස කරනවා ඒ වන විට මාගේ ආබාධය සම්පූර්ණ සුව අතට හැරෙනු ඇති බව. චිකාගෝ සහ බොස්ටන් මගේ ප්‍රියතම තරගාවලි වන අතර නැවතත් බොස්ටන් මැරතන් තරගාවලිය නියෝජනය කිරීමට ලැබීම භාග්‍යයක්” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

වෙස්ලි කොරීර් 2012 බොස්ටන් මැරතන් තරගාවලිය ජය ගැනීමෙන් පසු – Image Source: Getty Images

ලොස් ඇන්ජලීස් මැරතන් ධාවන තරගාවලිය දෙවරක් ජය ගත් වෙස්ලි 2012 වසරේ තමන් මුල්ම සහභාගි වීමෙන්ම බොස්ටන් මැරතන් තරගාවලිය ජය ගැනීමට සමත් වූ නමුත් ඉන්පසුව ඔහුට තම කිරුළ රැක ගැනීමට හැකියාවක් නොලැබුණේ නැත. ඔහු 2011 වසරේ චිකාගෝ මැරතන් තරගයේ දෙවන ස්ථානය හිමි කර ගන්නා ලදි. 

තමන්ගේ ක්‍රීඩා දිවියේ සැඳෑ සමය ගෙවමින් සිටින හිටපු ශූරයා තම ආබාධ සමඟ සටන් කරමින් නැවත පැමිණීම සනිටුහන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර වෙස්ලි මෙන් බොහෝ ක්‍රීඩකයන් තම ක්‍රීඩා දිවිය නිකරුණේ අවසන් කර දැමීමකට නොගොස් එකදු තරගයක් හෝ ක්‍රීඩා කර සමුගැනීමට බලාපොරොත්තුවෙන් පසුවේ. පවතින තත්වය යහපත් වී ක්‍රීඩාව හිස ඔසවන දිනක් එනතුරු ඔවුන් දින ගනිමින් සිටී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<