වසර 4කට තරග තහනමක්!!

63

මේ දිනවල අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය තහනම් උත්තේජක පිළිබඳව නීති දැඩි කොට ඇති අතර ඒ නිසාවෙන් බොහෝ ක්‍රීඩකයන්ට දීර්ඝ කාලීන තරග තහනම්වලට ලක්වීමට සිදුව ඇත. මෙලෙස නීති කඩ කිරීම නිසාවෙන් බොහෝමයක් කෙන්යානු ක්‍රීඩකයන් තරග තහනම්වලට ලක්වීම විශේෂ කරුණක්.

ගිම්හානය මලල ක්‍රීඩාවට වෙන්වන ලකුණු

මලල ක්‍රීඩාවේ ස්වර්ණමය වසරක් වේ යැයි සැලකූ 2020 වසර මේ වන විට මලල…..

එම ලැයිස්තුවට එක් වූ නවතම ක්‍රීඩකයා බවට පත්වුනේ කෙන්යානු දිගුදුර ධාවන ශූරයෙකු වන වින්සන්ට් කිප්සෙජේචි ය. නිවේදනයක් නිකුත් කරමින් “Athletes Integrity Unit” මගින් ප්‍රකාශ කර සිටියේ ඔහු තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් 2019 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර හතරක තරග තහනමකට ලක් කරන බවයි.

කෙන්යාව වෙනුවෙන් ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පවා නියෝජනය කළ ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී තහනම් උත්තේජක චෝදනාවන්ට ලක්විය. මේ වන විට 30 වැනි වියේ පසුවන වින්සන්ට්ගේ ක්‍රීඩා දිවියේ අවසානය මෙයත් සමඟම සිදුවෙතැයි බොහෝ දෙනා මත පල කරයි.

කෙන්යානු මලල ක්‍රීඩකයන්ට ඉතාමත් අපල කාලසීමාවක් ලෙස මෙය හැදින්විය හැකි අතර මීට පෙර තහනම් උත්තේජක ලබා ගැනීම නිසා තහනමට ලක් වූ හිටපු දිගුදුර ධාවන ලෝක ශූරයෙකු වන විල්සන් කිප්සන්ග් ඇඳිරි නීතිය කඩ කිරීම නිසාවෙන් පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<