වෙස්ලි කණ්ඩායමත් ලීගයට සූදානම්!

127

ඊයේ (04) සවස විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවති උත්සවයකින් වෙස්ලි විද්‍යාලය තම නව දශකයේ රග්බි ගමන ආරම්භ කළේය. මෙම උත්සවයට සමගාමීව තම අනුග්‍රාහකයන් හා මෙම වසර සඳහා වන නව ජර්සිය ද ඉදිරිපත් කෙරිනි. 

පසුගිය වසරවල සාමාන්‍ය තරගාවලි වලින් පසුව, වෙස්ලි විද්‍යාලය, 2020 ඩයලොග් පාසල් රග්බි ලීගය ඉහළින් අවසන් කිරීම තම අරමුණ කරගෙන ඇත. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන්, දෙමාපියන් සහ සිසුන් කිහිප දෙනෙකු සහභාගී වූ අතර ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග ජර්සි සහ කට්ටල බෑගයක් භාර දෙන ලදි.

රැස්ව සිටි පිරිස අමතමින් වෙස්ලි විද්‍යාලයේ නායක සැමුවෙල් ඔග්බෙබෝර් තමාට සහ ඔහුගේ කණ්ඩායමට උදව් කළ සියලු දෙනාට ස්තූතිය හා පිළිගැනීම ලබා දුන්නේය. 

“මගේ කණ්ඩායමට!  විද්‍යාර්ථ තරගයට තව දවස් දෙකයි තියෙන්නේ. පසුගිය මාස පහ තුළ අපි වෙහෙස මහන්සි වී කළ පරිත්‍යාගයන් භාවිතා කිරීමට කාලය ඇවිල්ලා තියෙන්නෙ. ඒ නිසා සිකුරාදා තරගය නාස්ති කිරීමට ඉඩ දෙන්න බෑ. ඔබේ සියල්ල එයට දෙන්න ඕනේ. මම ඔබ සියල්ලන් ගැන දන්නේ නෑ. ඒත් මට දැන් විද්‍යාර්ථ තරගය ක්‍රීඩා කරන්න ඕනේ. “

වෙස්ලි රග්බි 2020 සඳහා නිල අනුග්‍රාහකයන් ලෙස CDB බැංකුව, ඩේට් ක්‍රවුන්, ඩීඩැට් සහ මෙට්‍රොපොලිටන් කටයුතු කරයි. වෙස්ලි කණ්ඩායම ඔවුන්ගේ අනුග්‍රාහකයන්ට ස්තූති කිරීමට හා කෘතඥතාව පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත් අතර සමස්ත ඉසව් අනුග්‍රාහකයන් වන ඩයලොග් ආසිආටා වෙත ද ඔවුන්ගේ කෘතඥතාව පලකර සිටියහ. 

2020 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ නවතම ප්‍රවෘත්ති, ඡායාරූප, වීඩියෝ හා අනෙකුත් තොරතුරු සඳහා පිවිසෙන්න ThePapare.com වෙත පිවිසෙන්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<