IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්ට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබූ මැයි 9 වැනිදා පුහුණු සැසියක දී නූතන ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ වත්මන් පිතිකරණ බලවතා විරාත් කෝලි එකිනෙකා හමුවුනා.
හමුවීම සිදු වුනේ මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණයේ දී. ඔවුන්ගේ හමුවීම ඉතා සුහද හමුවීමක් වුනා. 2008 සිට සචින් ටෙන්ඩුල්කාර් ක්‍රීඩාවෙන් සමුගන්නා තෙක් දෙදෙනා වරින් වර එකම කණ්ඩායමක් තුළ ක්‍රීඩා කළා. 2011 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායමේ දෙදෙනාම ක්‍රීඩා කළා. 2011 අප්‍රේල් 2 වැනිදා ඔවුන් දෙදෙනාටම ඓතිහාසික දිනයක්.
- ක්‍රීඩාව, එක්කිරීමට මිස වෙන්කිරීමට නොවේ
- ‘ක්‍රිකට් පවුල්වාදය’ මෙරටට උවමනා කොට තිබේ
- නයෝමිගේ ජයග්‍රහණය වසන් කළ ඇමරිකානු නිරුවත
සම්මාන සහ කුසලාන රැසකින් වර්ණවත් වූ සචින් ටෙන්ඩුල්කාර්ගේ කුසලාන කැබිනෙට්ටුවේ එකම හිඩැස වූ ලෝක කුසලාන හිඩැස 2011දී සම්පූර්ණ වීමෙන් පසු විරාත් කෝලි ඔහුව ඔසවා තිබුණා. ඒ දශක දෙකකට වැඩි කාලයක් සචින් විසින් ඉන්දියානු ක්‍රිකට් වලට කළ සේවය අගයා සෙසු ඉන්දියානුවන් විසින් ඔහුට පුද කළ තිලිණයක් ලෙස ලෝක කුසලාන ජයග්‍රහණය හඳුන්වමින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<