සංගක්කාරගෙන් කෝලි ගැන අනාවැකියක්

762

වර්තමාන ක්‍රිකට් පිටියේ පෙරළිකාරම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි බවට කිසිදු සැකයක් නොමැත. ඔහුගේ නොනවතින ලකුණු මැෂිම නවත්වන්නට සමත් කිසිදු කණ්ඩායමක් තවමත් නැත. ඉන්දීය මෙන්ම ලොව පුරා ක්‍රිකට් වාර්තා එකින් එක බිඳහෙළමින් විරාත් කෝලි ක්‍රමයෙන් ලොව ප්‍රබලම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් සිටී. 

ලොව බොහෝ දෙනා කෝලි පිළිබඳව අනාවැකි පලකරමින් සිටින අවධියක ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ද පසුගිය දා ඔහු පිළිබඳව අනාවැකියක් පලකළා. ඒ කෝලි අනාගතයේ දී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පසු බිහි වූ ප්‍රබලම පිතිකරුවා වනු ඇති බවයි. 

IPL ලංකාවේ තියන්න ඉන්දීය ප්‍රබලයෙක්ගේ කැමැත්ත

තවමත් වයස අවුරුදු 32 සීමාව පසුකර නැති කෝලි එක්දින ලකුණු 12000කට ආසන්න සංඛ්‍යාවක් රැස්කරගෙන තිබෙන අතර එහි දී වාර්තා කර ඇති ශතක 43ත් සමඟින් මේ ඉන්දීය නායකයා එක්දින තරග රටාවේ වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගන්නා ක්‍රීඩකයා ලෙස සචින් තෙන්ඩුල්කාර් අභිබවා යාමට ආසන්නව සිටී.

බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් විරාත් කෝලිට පිතිකරණ ලෝකයේ ඇදහිය නොහැකි දේ කිරීමට හැකි යැයි අනාවැකි පලකර තිබේ. නමුත් හිටපු ශ්‍රී ලංකා නායකයෙකු වන කුමාර් සංගක්කාර ඉන්දීය නායකයා පිළිබඳ පැවසූ නවතම අදහස් බොහෝ දෙනාගේ  අවධානය දිනා ගැනීමට සමත් වනු ඇත.

එක් ආකෘතියක් පමණක් ක්‍රීඩා කළ ද ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස සැලකේ. ඔහුගේ කැපී පෙනෙන, කිසිවෙකුටත් සමකළ නොහැකි ටෙස්ට් සාමාන්‍යය 99.94කි. එය කිසි විටෙකත් අභිබවා යාම අපහසුය. අනෙක් අතට කෝලි යනු වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම හැකියාවන් වලින් හා තාක්ෂණයෙන් සැදුම්ලත් ක්‍රීඩකයෙකි. 

වර්ණවාදය ගැන හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකුගෙන් දෝස්මුරයක්

 “විරාත් ඇත්තෙන්ම හොඳ යොග්‍යතාවකින් සිටින ක්‍රීඩකයෙක්. මම දන්නවා ඒ ගැන. ඔහු පිටියේදීත් ඉන් පිටතත් ශාරීරිකව, මානසිකව හා නිපුණතාවයෙන් යුක්ත හොඳම පුද්ගලයා වීමට ඔහුගේ පුදුමාකාර කැපවීම සහ උනන්දු මම දැකලා තියනවා. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පසු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා  වීමට ඔහුට අවස්ථාව තිබෙනවා” සංගක්කාර The RK Show වෙත එක්වෙමින් පැවසීය.

“ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින් අතර දුර්ලභ ගණයේ විශේෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ උනන්දුව හා කැපවීම වගේම අන් සෑම අතකින්ම මම මගේ ජීවිතයේ මෙතෙක් නරඹා ඇති හොඳම දේවලින් එකක්. විරාත්ගේ මම වඩාත්ම කැමති දෙය නම් ඔහුගේ ආශාව, ඔහුගේ පෞරුෂය සහ ඔහුගේ හැඟීම් පිටියේ දී පෙන්වීමට ඔහු බය නැති වීමයි. ඔහු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද නැතහොත් ඔහු පිතිකරණ සටනක යෙදී සිටිය ද ඔහු සෑම විටම ඉන්දියාව ජයග්‍රහණය කිරීමට උත්සාහ කරනවා. ඔහු පරණ තාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා මම හිතනවා. ඉහළ ශක්තිමත් හෝ අමුතු ආකාරයේ පහරවල් ඔහුට නෑ. ඒත් ඔහුගේ පහර අතිශයින්ම ඵලදායි පහරවල්. 

මීට නොබෝ දිනකට පෙර නවසීලන්ත නායක කේන් විලියම්සන් කෝලි පිළිබඳව මෙයට සමාන අනාවැකියක් කියා තිබුණි. විලියම්සන් එහි දී කෝලි සිය වෘත්තීය දිවියේ හොඳම අවධියට පිවිසෙන බවට අනාවැකි පලකළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පූර්ණ දක්ෂතා දැක්වීමට ඉන්දීය නායකයාට ඔහුගේ සුබපැතුම් එක් කළේය.

දඬුවම් ලැබූ පකිස්තානු ක්‍රීඩකයාගෙන් ආයාචනයක්

“ඔහු පූර්ණ ජාත්‍යන්තර තලයට පිවිස එහි ප්‍රබලයා වීම කාලයත් සමඟින් සිදු වේවි. එය නිශ්චිතම කියන්න පුළුවන්. මේ මොහොතේ, ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරමුණ ගෙන සිටින කෝලි ප්‍රමිතියෙන් ඉහල පිතිකරුවෙකු ලෙස මේ සියලු වාර්තා බිඳ දමාවි” යැයි නවසීලන්ත නායකයා ස්ටාර් ස්පෝර්ට්ස් හි ක්‍රිකට් සම්බන්ධිත වැඩසටහනක දී පවසා තිබේ.

“ඔහු ලබා ගත් බොහෝ දේ ඔහුගේ පරිණතභාවයත් සමඟින් පැමිණි දේවල්. ක්‍රිකට් පිටියේ දී ඉතා හොඳ තීරණ ගැනීමට ඔහුට ඇති හැකියාව ඉතාමත් ඉහලයි. ඔහු ලබා ගත් හැකියාව සහ ඔහුගේ ස්වාභාවික හැකියාව ඔහුට ලැබුණු තෑග්ගක් පමණක් නෙමෙයි. ඔහු එය අධිෂ්ඨානයෙන් හා නිරන්තර පුහුණුවෙන් වගේම ලකුණු ගැන ඔහුට තියන කුසගින්නත් එක්ක ගොඩනගාගත් දෙයක්. ඔහු ඒවා වැඩිදියුණු කර ගන්න දිවා රෑ නොබලා මහන්සි වෙනවා. ඒ නිසා ඔහුව නැවැත්වීම කරන්න බැරි දෙයක්. ” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<