Rahulගේ සැත්කම සාර්ථකයි!

143
KL Rahul undergoes successful surgery

දකුණු කලව ආශ්‍රිතව සැත්කමට භාජනය වූ ඉන්දීය ආරම්භක පිතිකරු KL Rahul සිය සැත්කමේ සාර්ථකත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබුණා.

Lucknow Super Giants කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන Rahulට IPL තරගාවලියේ සෙසු තරග මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සහභාගී වන සංචිතයෙන් ද ඉවත් වන්නට සිදු වුනේ ඔහුට ඇති වූ මෙම කලවා ආශ්‍රිත ආබාධය නිසාවෙනුයි.

ඉන්පසුව ඔහුව සැත්කමක් සඳහා භාජනය කෙරුණු අතර ඔහු විසින් පවසන්නේ සිය සැත්කම සාර්ථකව අවසන් වූ බවත් ඒ සඳහා සහභාගී වූ සියලු දෙනාට සිය ස්තුතිය පුද කරනා බවයි.

31 හැවිරිදි වියේ පසුව වන Rahul මෙලෙස ආබාධයට ලක් වුනේ Royal Challengers Bangalore අතර ලක්නව් හි Ekana ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක් අතරතුර දීයි. පන්දු රැකීම අතරතුර දී ඇති වූ මෙම ආබාධයෙන් පසුව කණ්ඩායමේ සහයක කාර්ය මණ්ඩලය විසින් ඔහුව ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන ගිය අතර සෞඛ්‍ය විශේෂඥයින් විසින් ඔහුව සැත්කමකට භාජනය කළ යුතු බව අවධාරණය කර තිබුණා.

ඔහුගේ ආබාධ තත්වය නිසාවෙන් පුරප්පාඩු වන ඉන්දීය සංචිතයේ ස්ථානය සඳහා  Ishan Kishan ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව තීරණය තර තිබුණා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස නැරඹීමේ හැකියාව ThePapare.com වෙතින් සලකා තිබෙන අතර ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරෙනි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<