Dhoniගේ සුවිශේෂී වාර්තාවක් බිඳ වැටෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

377
Dhoni's elite record smashed as IPL 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Jio Cinemas හී වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ අවස්ථාව ලෙස සුපිරි ක්‍රීඩක MS Dhoni සතු වූ වාර්තාව පසුගිය දා පැවති RCB සහ LSG කණ්ඩායම් අතර තරගයේ දී බිඳ වැටුණා.

LSG කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ MS Dhoni පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ දී කෝටි 1.7ක පිරිසක් තරගය නැරඹූ අතර එය මෙවර තරගාවලියේ වැඩිම පිරිසක් තරගය නැරඹූ අවස්ථාව ලෙස එය සටහන් වුනා.

පසුගිය දා පැවති LSG කණ්ඩායමට එරෙහි තරගයේ දී RCB නායක Du Plessis අර්ධ ශතකය ලබා ගත් අවස්ථාවේ නැරඹූ ප්‍රේක්ෂකයින් ගණන කෝටි 1.8ක් වූ අතර එම තරගයේ අවසන් පන්දුවාරයේ ද එම ගණනම තරගය නරඹා තිබෙනවා.

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය LSG පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා නොගත්තත්, Marcus Stoinis සහ Nicholas Pooran වාර්තා කළ වේගවත් අර්ධ ශතක නිසා තරගයේ ආධිපත්‍ය රඳවා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

නමුත් තරගයේ අවසන් පන්දුවාරයේ දී නැවතත් තරගය දෙපිලටම විවර වුවත්, අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් ජයග්‍රහණය කරන්න LSG ක්‍රීඩකයින්ට හැකි වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟින් මෙවර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට LSG ක්‍රීඩකයින්ට හැකි වූ අතර නොකඩවා ලැබූ දෙවැනි පරාජය නිසා RCB ක්‍රීඩකයින් හත්වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<