ඉන්දීය උපනායකයාට කොදෙව් T20 තරගාවලිය අහිමි වෙයි

920
(Indiatoday)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක KL Rahul හා වමත් දඟපන්දු යවන ක්‍රීඩක Axar Patel හට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස  තරගාවලිය අහිමිව තිබනවා.

ඔවුන් වෙනුවට Ruturaj Gaikwad හා තුන් ඉරියව් ක්‍රීඩක Deepak Hooda කණ්ඩායමට ඇතුලත්ව තිබෙනවා.

ආබාධයක් නිසා Rahul බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයට ද සහභාගී වුනේ නැහැ. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ Rahulට වම් පාදයේ කලවා ආශ්‍රිත ආබාධයක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන 16 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය අහිමි වන බවයි.

Axar ආබාධයකින් සුවය ලබමින් සිටි අතර තරගාවලියට පෙර ඔහු යළිත් සුපුරුදු සුවය ලබා වි යැයි අපේක්ෂාවෙන් ඔහුව සංචිතයට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් ඔහු තවමත් සුපුරුදු රිද්මයට පැමිණ නැති බවයි වාර්තා වෙන්නේ.

පෞද්ගලික හේතුවක් නිසා Rahulට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු එක්දින තරගය මඟ හැරුණා. කෙසේ වෙතත් දෙවන තරගය ක්‍රීඩා කළ ඔහු අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 49ක් රැස් කළා.

28 හැවිරිදි Axar හට ආබාධයක් නිසා දකුණු අප්‍රිකානු සංචාරය ද මඟ හැරුණා. අවසන් වරට ඔහු ඉන්දියාව නියෝජනය කළේ නවසීලන්තයට එරෙහිව මුම්බායි හිදී පැවැත්වුණු ටෙස්ට් තරගය්දී යි. එහි දී ඔහු ඉනිම් දෙකේ දී පිළිවෙළින් ලකුණු 52ක් හා 41ක් බැගින් රැස් කළා.

ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය එළඹෙන පෙබරවාරි 16 වැනිදා Kolkata හි Eden Gardens ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

කොදෙව් තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Ishan Kishan, Virat Kohli, Shreyas Iyer, Surya Kumar Yadav, Rishabh Pant (කඩුලු රකින ක්‍රීඩක), Venkatesh Iyer, Deepak Chahar, Shardul Thakur, Ravi Bishnoi, Yuzvendra Chahal, Washington Sundar, Mohammed Siraj, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel, Ruturaj Gaikwad, Deepak Hooda.

Hindustan Times ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<