Home Sinhala ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වෑයම අපතේ

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වෑයම අපතේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 2022

1078
Sri Lanka tour of Australia 2022
@Getty Images

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) Sydney ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව අද තරගය ලකුණු 20කින් ජය ගත් වත්මන් T20 ලෝක ශූරයින් වන ඕස්ට්‍රේලියාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව නිත්‍ය පිතිකරුවන් පස්දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක්, නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සහ එක් නිත්‍ය දඟපන්දු යවන්නෙක් සමඟ අද තරගයට අවතීර්ණ වුනා.

26 හැවිරිදි දකුණත් පිතිකරුවෙකු වන Josh Inglis මේ තරගයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගන්නට සමත් වුනා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් 99 වැනි ක්‍රීඩකයා ඔහුයි.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඕස්ට්‍රේලියාව – Aaron Finch (capt), Ben McDermott, Josh Inglis, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Avishka Fernando, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Binura Fernando, Maheesh Theekshana

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් ලකුණු 149ක් ලබා ගත්තා.

ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කරමින් Aaron Finch සහ Ben McDermott පිටියට පිවිසුණු අතර Powerplay අවස්ථාව තුල ඉතාමත් හොඳ පාලනයක් සහිතව පන්දු යැවීම සිදු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

යාර 30 සීමාවෙන් එපිට පන්දු රකින්නන් දෙදෙනෙක් පමණක් රඳවා සිටින Powerplay අවස්ථාව තුල 4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කළ ඕස්ට්‍රේලියාවට කඩුල්ලක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 37ක් පමණයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු හොඳින් තෝරා බේරාගනිමින් පන්දුවට පහර දුන් McDermott ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 17කට පසුව සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා.

පා ඉන්න පෙදෙස (Leg Side) හරහා පන්දුවට පහර දීම සඳහා වැඩි රුචිකත්වයක් දැක්වූ McDermott 4 පහර 2ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 41ක දී ලකුණු 53ක් ලබා ගත්තා.

ඕස්ට්‍රේලියා ඉනිමේ පළමු පන්දුවාර 6 තුල සහ අවසන් පන්දුවාර 4 තුල ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමකට ඕස්ට්‍රේලියා ලකුණු සටහන පාලනය කිරීමට සමත් වුනු නමුත්, මැද පන්දුවාරවල දී ලකුණු 50ක සහ ලකුණු 34ක සබඳතාවයන් දෙකක් ගොඩනැංවීමට McDermott, Inglis සහ Stoinis වැඩි දායකත්වයක් ලබා දුන්නා.

පන්දු 17ක දී ලකුණු 30ක් ලබා ගත් Stoinisගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 2ක් අන්තර්ගත වුනා. එසේම ඕස්ට්‍රේලියාවේ අවසන් කඩුලු 4 ලකුණු 8ක් තුල දවාගෙන ලකුණු 165ක පමණ ඉලක්කයකට යාමට හැකිව තිබූ ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 149කට පාලනය කිරීමට බිනුර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.

දැනට ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා වන වනිඳු සිය පන්දු යැවීමේ ඉරියව් සඳහා තවත් අලුත් පන්දු යැවීමේ ඉරියව්වක් එක් කරගෙන තිබෙන බවක් පෙනුණු අතර ඔහු අද තරගයේ දී ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

ඊට අමතරව චමීර සහ චාමික අතරේ කඩුලු දෙක බැගින් බෙදී යද්දී, වමතින් වේගපන්දු යවන බිනුර සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම දක්වමින් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ පළමු කඩුලු දෙක පළමු පන්දු 21 තුල දවා ගැනීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් වන Hazlewood සහ Cummins සමත් වුනා.

අනතුරුව අසලංක සමඟ පිටියේ එක්වුණු නිස්සංක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක දී ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණක් සහ ලකුණු 2 ක්‍රිකට් ක්‍රීඩාවේ වලංගු නොමැති ලකුණු සේ සලකා විශාල පහරවල් කරා යාමට වැඩි ඇල්මක් දැක්වීම නිසා නොදැනීම වැඩි නිලකුණු පන්දු ප්‍රමාණයක් වැය කරනු දක්නට ලැබුණා.

එම නිසා හඹා යාමට හැකිව තිබූ ලකුණු ප්‍රමාණයේ පීඩනය ක්‍රමයෙන් වැඩි වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු නිස්සංක පන්දු 37ක දී ලකුණු 36ක් ලබා ගන්නට සමත් වුනා.  ඔහුගේ ඉනිම 4 පහර 5කින් සහ එක් 6 පහරකින් අලංකාරවත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම පුරාවට කඩුලු අතර දිව යාම සහ පිතිකරණ අන්තයන් හුවමාරු කිරීම දුර්වල මට්ටමක තිබීම මේ තරග පරාජය සඳහා වැඩි හේතුවක් වුනු අතර එය කලක පටන් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පරාජයන් සඳහා දැඩි හේතුවක් වී තිබෙනවා. මේ තරගයේ දී ශ්‍රී ලංකාව නිලකුණු පන්දු 57ක් වැය කර තිබුණා.

අද තරගයට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස තරග කාලයෙන් යම් ප්‍රමාණයක් අහිමිව ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 14කුත් පන්දු 5ක් ක්‍රියාත්මක වී තිබුණු මොහොතේ ඇදහැලුණු වර්ෂාව නිසා ශ්‍රී ලංකා ඉනිමෙන් එක් පන්දුවාරයක් අඩු කිරීමට විනිසුරුවරුන් කටයුතු කළා. ඒ නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 143ක ඉලක්කයක් හඹා යාම ශ්‍රී ලංකාවේ ඉලක්කය වුනා.

කෙසේ නමුත් ඒ වන විටත් ශ්‍රී ලංකාව කඩුලු 5ක් බිඳ වැටි ලකුණු 85ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක සිටි අතර Hazlewoodගේ පන්දු යැවීම හමුවේ එම අභියෝගය තවත් වැඩි වුනා. අංක 7 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු 16ක දී නොදැවී ලකුණු 25*ක් ලබා ගත් නමුත් එම ඉනිම ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

පන්දු යැවීමේ දී නිලකුණු පන්දු 14ක් ක්‍රියාත්මක කළ Hazlewood සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කරමින් ලකුණු 12කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

  • තරගයේ වීරයා – Adam Zampa (ඕස්ට්‍රේලියාව)

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 13 වැනිදා, ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<