2021 IPL තරගාවලියට වේදිකාව සැකසෙයි!

248
2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම

එළඹෙන ජනවාරි 21 වනදා වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් අටම තමන් 2021 තරගවාරය සඳහා රඳවා ගන්නා ක්‍රීඩකයින් නම් කළ යුතු බව IPL පාලන කවුන්සිලය පවසා සිටියි. තරගාවලියේ සභාපති Brijesh Patel සහ IPL පාලන කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් අතර මීළඟ IPL තරගාවලිය පිළිබඳව පැවති හමුවකින් අනතුරුව Brijesh Patel එසේ පවසා තිබුනි.  

“අපි ක්‍රීඩකයින් රඳවා ගැනීමට ජනවාරි 21 වනදා දක්වා කල් ලබා දුන්නා. ක්‍රීඩකයින් හුවමාරු කරගන්නා අවසන් දිනය ලෙස පෙබරවාරි 04 වනදා නම් කළා.” යයි Patel පවසා සිටියේය. 

කෙසේ වෙතත් 2021 තරගවාරය සඳහා IPL ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය තවමත් ස්ථිර ලෙස ප්‍රකාශයට පත්කර නැත. මේ වසර සඳහා පැවැත්වෙන මූලික අදියරේ කුඩා ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස දෙවන හෝ තෙවන සතියේ දී පැවැත්වීමට නියමිතය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් මිලදී ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 85ක් වැය කළ හැකි අතර 2021 ක්‍රීඩක වෙන්දේසිය සඳහා එම මුදල වැඩි නොකරන බව Patel පවසා තිබුනි. 

පසුගිය වෙන්දේසියෙන් අනතුරුව Chennai Super Kings කණ්ඩායමට තවත් ඉතිරිව ඇත්තේ රුපියල් ලක්ෂ 15ක මුදලක් පමණක් බැවින් ඔවුන් මෙවර තරගවාරයේ දී වැඩි ගෙවීම් ලබන Kedar Jadhav සහ Piyush Chawla වැනි ක්‍රීඩකයින් නිදහස් කරනු ඇතැයි ද වාර්තා වේ. 

Mumbai Indians කණ්ඩායම වැඩිම ක්‍රීඩකයින් ගණනක් රඳවා ගන්නා කණ්ඩායම වනු ඇතැයි වාර්තා වේ. එලෙසම Rajasthan Royals කණ්ඩායමට ක්‍රීඩකයින් මිලදී ගැනීමට කෝටි 14.75ක මුදලක් ද, Sunrisers Hyderabad කණ්ඩායමට කෝටි 10.1ක මුදලක් ද, Delhi Capitals කණ්ඩායමට කෝටි 9ක මුදලක් ද, Kolkata Knight Riders කණ්ඩායමට කෝටි 8.5ක මුදලක් සහ Royal Challengers Bangalor කණ්ඩායමට කෝටි 6.4ක මුදලක් ඇතැයි වාර්තා වේ. 

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තව මාසයක් ඉන්දියාවේ COVID-19 තත්වය පරීක්ෂා කරලා තීරණයක් ගන්නවා, තරගාවලියේ කාල ස‍ටහන එළි දක්වන්න. හැමෝටම ඕනේ තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙනවා බලන්න. නමුත් ඒ තීරණය ගන්න තවත් කාලය අවශ්‍යයි.” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වී තිබුනි. 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<