රාජකීයයෝ තියුණු ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කරති

474
Royal College Football team 2018

කොළඹ රාජකීය විද්‍යාලය 2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ සිය මංගල තරගයේ දී කළුතර සිරිකුරුස විද්‍යාලය සමඟින් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

අල්-අක්ෂා ක්‍රීඩකයින් හමුවේ පීතරයින්ට තියුණු පරාජයක්

2018 වයස අවුරුදු 18න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරගයක් …

රාජකීය විද්‍යාලය පසුගිය වසරේ දී ඉතා අසාර්ථක තරග වාරයක් ක්‍රීඩා කළ අතර දෙවන කාණ්ඩයට නොවැටී යන්තමින් සිය කාණ්ඩය රැක ගැනීමට ඔවුන් සමත් විය. පසුගිය තරග වාරයේ දී සිරිකුරුස විද්‍යාලය සමඟ පැවති තරගයෙන් ගෝල 5-1ක දරුණු පරාජයක් අත්විඳි ඔවුන් මේ වසරේ දී සිය ඉරණම වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපන්දු පුහුණුකරුවෙකු වන මොහොමඩ් රූමි මහතා සිය පාසලේ පුහුණුකරු ලෙස එක් කරගෙන තිබුණි.

රාජකීයයන් තරගය පුරා ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර අනෙක් අතට සිරිකුරුස ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වනු දක්නට ලැබුණි.

27 වන මිනිත්තුවේ දී සිරිකුරුස ආරක්ෂක ක්‍රීඩකයින් මගහරිමින් සිරිකුරුස අර්ධයට ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ රාජකීයයෝ අතරින් ජී. කේ ධනංජය වාර්තා කළ ජයග්‍රාහි ගෝලයත් සමඟ තරගය ඔවුන් දෙසට නතු විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 1 – 0 සිරිකුරුස විද්‍යාලය

දෙවන අර්ධයේ දී සිරිකුරුස විද්‍යාලයේ ගෝල රකින්නා විශිෂ්ට ගෝල රැකීම් කිහිපයක් සිදුකරමින් සිරිකුරුස විද්‍යාලය තරගයේ රඳවා ගත්ත ද රාජකීය විද්‍යාලයට සිය මංගල තරගයේ ජය හිමි කර දෙමින් සිරිකුරුස ඉදිරිපෙළ ක්‍රීඩකයෝ කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ නැත.

අවසාන ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 1 – 0 සිරිකුරුස විද්‍යාලය

තරගාවලිය ආරම්භයේ දී ම සහිරාවන්ට පහසු ජයක්

2018 වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ ආරම්භක තරගය …

රාජකීය විද්‍යාලයේ පුහුණුකරු ප්‍රධාන පුහුණුකරු මොහොමඩ් රූමි මහතා ThePapare.com වෙත මෙසේ අදහස් පල කළේය.

“මට මාස කිහිපයයි තිබුණේ කණ්ඩායම සමඟ පුහුණු වෙන්න, තව ගොඩක් දේවල් තියනවා කරන්න, නමුත් මේ ප්‍රතිඵලය සමඟ මම බොහෝ සතුටු වෙනවා, වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් තිදෙනෙකු අපගේ කණ්ඩායමේ සිටිනවා. අපේ ගෝල රකින්නාත් ඉන් කෙනෙක්, ඔහු අද විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඉදිරියට කණ්ඩායම තවදුරටත් හොඳින් සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්

රාජකීය විද්‍යාලය – ජී. කේ ධනංජය 27’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<