IPL පාලක මණ්ඩල රැස්වීමේ දී වැදගත් තීරණ රැසක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

1977

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු 26 වැනිදා ආරම්භ වන බව වාර්තා වෙනවා. තරගාවලියේ ගැන වැදගත් තීරණ කිහිපයක් ඊයේ (24) රැස්වූ IPL තරගාවලි පාලක මණ්ඩලය විසින් ගෙන තිබුණා.

COVID-19 වයිරසයෙන් සිදු විය හැකි බලපෑම අවම කිරීම සඳහා ක්‍රීඩකයින් ජෛව ආරක්‍ෂිත බුබුළකට ඇතුළත් කර Mumbai හා Pune හිදී තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු අදියර සඳහා තරග 70ක් ඇතුළත් අතර මැයි 29 වැනිදා අවසන් මහා තරගය පැවතීමට නියමිතයි.

තරග පැවැත්වීමේ දී Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ තරග 20ක්, Brabourne ක්‍රීඩාංගණයේ තරග 15ක්, DY Patil ක්‍රීඩාංගණයේ තරග 20ක් බැගින් පැවැත්වීමට නියමිත අතර Pune හි MCA ක්‍රීඩාංගණයේ තරග 15ක් පැවතීමට නියමිතයි.

සෑම කණ්ඩායමක්ම Wankhede ක්‍රීඩාංගණයේ තරග 4ක්, DY Patil ක්‍රීඩාංගණයේ තරග 4ක්, Brabourne ක්‍රීඩාංගණයේ තරග 3ක් හා MCA ක්‍රීඩාංගණයේ තරග 3ක් බැගින් ක්‍රීඩා කරනු ඇත.

කණ්ඩායම් 10 ම එක් කණ්ඩායමක් ලීග් තරග 14ක් බැගින් ක්‍රීඩා කරන්නේ සංචාරක තරග 7ක් හා සත්කාරක තරග 7ක් ලෙසිනුයි. වැදගත්ම කරුණ නම් සෑම කණ්ඩායමක්ම තවත් කණ්ඩායම් 5ක් සමඟ තරග දෙකක් බැගින් ක්‍රීඩා කිරීම හා ඉතිරි කණ්ඩායම් 4 සමඟ එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමයි.

එසේ එක් එක් කණ්ඩායම වරක් හා දෙවරක් ක්‍රීඩා කරන කණ්ඩායම් තෝරාගනු ලබන්නේ එම කණ්ඩායම දිනා ඇති IPL ශූරතා හා ක්‍රීඩා කර ඇති අවසන් මහා තරග සැලකිල්ලට ගෙන වීම විශේෂත්වයක්.

එක් එක් කණ්ඩායම අනෙක් කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරන තරග සංඛ්‍යාව පහත සටහනේ දැක්වේ.

IPL T20 වෙබ් අඩවිය ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<