කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී

56
Kamindu Mendis

2024 වසර සඳහා ICC නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් හට හැකියාව ලැබුණා.

ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණ දක්ෂතා දැක්වීමට සමත් වූ කමිඳු තරග රටා ත්‍රිත්වයේ දීම ලකුණු 1451ක් ලබා ගැනීමට සමත් වුනේ විශිෂ්ට පිතිකරණ සාමාන්‍යයක් ද සහිතවයි.

මෙහි දී ඔහු විසින් විශේෂයෙන්ම ටෙස්ට් පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ටෙස්ට් තරග 09ක් තුළ ලකුණු 1049ක් වාර්තා කිරීමට සමත් වූ කමිඳුගේ පිතිකරණ සාමාන්‍ය 74.92ක් වැනි ඉහළ අගයක රැඳුණා.

මෙහි දී ඔහු විසින් ටෙස්ට් ශතක පහක් මෙන්ම අර්ධ ශතක තුනක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, ලොව වේගයෙන් ම ටෙස්ට් ලකුණු 1000 සීමාවට පැමිණි තෙවැන්නා ලෙස ද සිය නම සටහන් කිරීමට කමිඳුට හැකියාව ලැබුණා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<