රග්බි ක්‍රීඩාවේ මීළඟ ගමනාන්තය කළුතර දිස්ත්‍රික්කය

189
Kaluthara

කළුතර දිස්ත්‍රික්කය තුළ රග්බි ක්‍රීඩාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ දක්‍ෂයින් බිහිකිරීමේ මීළඟ නවාතැන කළුතර දිස්ත්‍රික්කය වනු ඇති බවට මේ වන විටත් ඉඟි පහළ වී ඇත.

පාසල් රග්බි ලීගය දිනූ පුහුණුකරු හැව්ලොක් ක්‍රීඩා සමාජයට

‘Dialog’ රග්බි ලීග් තරගාවලිය ආරම්භයට දින කිහිපයක් ඉතිරිව තිබිය දී හැව්ලොක් ක්‍රීඩා සමාජය..

ශ්‍රී ලංකාවේ අගනුවරට පිටින් පිහිටා තිබෙන කළුතර දිස්ත්‍රික්කය තුළ රග්බි ක්‍රීඩාවේ නිරත වන පාසල් ගණන 100කට අධික ය. ඒ අනුව එම පාසල්වල නැඟී එන ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ රග්බි ක්‍රීඩාව ය.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සංවර්ධන ක්‍රියාදාමය යටතේ පවත්වනු ලබන ‘Get into Rugby’ වැඩසටහන පසුගිය සතියේ කළුතර දිස්ත්‍රික්කයේ දී අතිසාර්ථකව අවසන් වූයේ වයස අවුරුදු 12න් පහළ හා 16න් පහළ වයස් කාණ්ඩ අතර පාසල් රග්බි ක්‍රීඩකයින් 200කට අධික සහභාගීත්වයක් යටතේ ය. රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීමේ අභිප්‍රාය ඇතිව ලෝක රග්බි ආයතනය මඟින් පවත්වනු ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රග්බි ආයතනය මෙම ‘Get into Rugby’ වැඩසටහන සංවිධානය කරනු ලබයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහයෝගය යටතේ පවත්වනු ලබන මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ඇති සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන අන්දමින් පැවැත්වීමට අපේක්ෂිත අතර ඒ හරහා දිවයිනේ සෑම ප්‍රදේශයකටම රග්බි ක්‍රීඩාව හඳුන්වා දී එය වර්ධනය කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහනේ පළමු දිගහැරුම පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබූ අතර එහි ආසන්නම වැඩසටහන පැවැත්වුණේ පසුගිය සතියේ දී කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි.

සිංගප්පූරුව පරදා මහනුවරට විශිෂ්ට ජයක්

මහනුවර ක්‍රීඩා සමාජය හා සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායම අතර රග්බි තරගයක් අද (21) මහනුවර..

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ දී ආරම්භ වූ මෙම වැඩසටහන අවසාන වන විට ශ්‍රී ලංකාව තුළ ඇති දිස්ත්‍රික්ක 25ම සහ අධ්‍යාපන කලාප 99ම ආවරණය වනු ඇත.

ශ්‍රී ලංකා රග්බි ආයතනයට අනුව මෙම ‘Get into Rugby’ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම උදෙසා අතිශය වැදගත් වනු ඇත. ඒ බව කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩසටහන යටතේ මනාව ඉස්මතු විය. ඒ සඳහා කළුතර දිස්ත්‍රික්කය තුළ ඇති පාසල් 15කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමෙන් ඒ බව පසක් විය.

කළුතර දිස්ත්‍රික්කය තුළ ඇති පාසල් රැසක් මේ වන විටත් රග්බි ක්‍රීඩාවේ නිරත වන අතර ඒ අනුව ඒ හරහා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවට විශාල පිටුබලයක් සැපයී ඇත. එම රග්බි ක්‍රීඩාවේ නිරත වන පාසල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ පානදුර රාජකීය විද්‍යාලය සහ කළුතර විද්‍යාලය යි.

‘Get into Rugby’ වැඩසටහනේ මීළඟ අදියර මහියංගණය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<