ක්‍රිකට් කේරීම් කමිටු සභාපති කපිළ විජේගුණවර්ධන ThePapare.com සමග කතා කරයි

105

ශ්‍රී ලාංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීම් කමිටුවේ සභාපති කපිල විජේගුණවර්ධණ පසුගිය දා ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති 20/20 තරගාවලිය සහ තවත් නවතම විස්තර පිළිබදව සාකච්ඡා කිරීමට අප හා එක් විය.

එහි දී ප්‍රථමයෙන්ම පසුගිය තරගාවලියෙහි ජය අපට ලබා ගැනීමට නොහැකි වීම පිළිබදව සාකච්ඡා කිරීමේ දී ඔහු පවසා සිටියේ අංශ තුනින්ම අප කණ්ඩායම දක්ෂතාවය නොදැක්වීම හේතුවෙන් ඔහු කණගාටු වුවත් ක්‍රිඩකයින්ගේ දක්ෂතා එම තරගාවලිය පුරාවටම දැක්වූ බැවින් අනාගතයේ දී අප කණ්ඩායමට ඉදිරියට යා හැකි බවය. මෙවැනි අදහස් අතරින් අප මීළගට  ඔහුගෙන් විමසා සිටි‍යේ ලසිත් මාලිංග පිළිබදව පැතිරී යන කතා පිළිබදවය. එවිට ඔහු සදහන් කර සිටියේ “මගේ අදහස වන්නේ ලෝකයේ හොදම 20/20 පන්දු යවන්නා වන ඔහු සිය කාල කළමණාකාරීත්වය මග හරවාගෙන තිබෙන බැවින් පුහුණුවීම් මගින් නැවතත් සාමාන්‍ය විය හැකිය” යන්නයි. තව දුරටත් මෙම තරගාවලිය පිළිබදව සාකච්ඡා කිරීමේ දී නවක දග පන්දු යවන්නන්ගේ පැමිණීමෙන් රංගන හේරත්ට පිටියෙන් පිටතට යාමට සිදු වේදැයි යන්න පිළිබදව ඔහුගෙන් විමසීමේ දී ඔහු සදහන් කළේ තවමත් රංගන හේරත් දග පන්දු යවන්නන් අතරින් ඉහළින් සිටින බැවින් ඒ පිළිබදව බිය විය යුතු නැති අතර ඔහු මෙම තරගාවලියට තේරී පත් නොවූයේ යම් කිසි උපායක් නිසාවෙන් බවය. ඉන් අනතුරුව එක් දින තරගාවලියෙහි හතරවන තරගය පිළිබදව අවධානය යොමු කළ විට ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගනිති’යි අපේක්ෂා කළත් අවාසනාවකට මෙන් එය නොවූ බැවින් එයට හේතුව ක්‍රිඩකයින් තෝරා ගැනීමේ වැරැද්දක් ලෙස සදහන් කළ හැකි ද, මන්ද යත් දග පන්දු යවන්නන් දෙදෙනෙකු පිටියෙන් පිටත සිටි නිසාවෙන් යන්න අප ඔහුගෙන් විමසා සිටියා. ඒ සදහා පිළිතුරක් ලෙස ඔහු සදහන් කළේ “ODI තරගාවලියක දී ජයග්‍රහණය පිළිබදව වගකීමක් පිතිකරුවා සතුව ඇති අතර මෙහිදී පිතිකරුවන් තුළ දුර්වලතාවයක් තිබූ බව” යන්නය. 

තේරීම් කමිටුවක විශාලතම වගකීම වන්නේ ලෝක කුසලානයක් වැනි වූ තරගාවලීන් ජයග්‍රහණය කිරීමයි. මේ ආකාරයෙන් බලන විට අප කණ්ඩායම ඒ සදහා සුදුසුකම් ලබා තිබේද? පිළිබදව ඔහු පවසා සිටියේ දක්ෂතාවයින් පිරිපුන් ක්‍රිඩකයින් අප සතු බව තර්ක විතර්කයකින් තොරව පිළිගන්නා අතර ඒ වන විට විශ්‍රාමික ක්‍රිඩකයින්ගේ ස්ථාන රැක ගනිමින් කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රිඩකයින් සහ දක්ෂතා වලින් හෙඹි නවක ක්‍රිඩකයින් ද සමගින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 2019 වර්ෂයේ ලෝක කුසලානය සහ 2016 වර්ෂයේ 20/20 ලෝක කුසලානය සදහා හොද සූදානමක් ලබන බවය. ඒ අතර මෙවර 20/20 තරගාවලියෙහි චන්දිමාල් සහ තිරිමාන්න තරග නොකිරීම පිළිබදව විමසා සිටීමේ දී ඔහු අප වෙත ඉතා පැහැදිලිව පවසා සිටියේ “නවක ක්‍රිඩකයිනගේ දක්ෂතා දැනගැනීම සදහා මෙසේ කළ අතර මොවුන් දෙදෙනා පසුගිය කාළයේ දී එක දිගටම ක්‍රිඩාවේ නියැලී සිටි අතර ඉදිරියටත් මොවුන් ඉතා කාර්‍යබහුල කාළයක් තිබෙන බැවින් මෙසේ සිදු කර” බවයි. එමෙන්ම ලංකාව පුරාවටම විසිරී සිටින ක්‍රිඩකයින් මේ වටයේදී කණ්ඩායමට තේරී පත් වී තිබෙන බැවින් එය තවත් දක්ෂතා ඇති ක්‍රිඩකයින් තෝරා ගැනීමට ඉවහල් වන බවද ඔහු පවසා සිටියා.

තව දුරටත් කපිළ සමගින් කළ සාකච්ඡාවේ දී ක්‍රිඩාවෙන් ඉවත්ව යන ගෘහස්ත ක්‍රිකට් ක්‍රිඩකයින් සහ නවක ක්‍රිඩකයින් බදවා ගැනීම පිළිබදව ඔහු පවසා සිටියේ ඉදිරි අනාගතයේ දී නව තරගාවලීන් පවත්වා ක්‍රිඩකයින් තෝරා ගන්නා අතර එම තෝරා ගත් ක්‍රිඩකයින් සංචාරක තරග සදහා සහභාගී කරවමින් පුහුණු කරන බවය. එමෙන්ම ඔහු පවසා සිටියේ ගෘහස්ත තරගාවලීන් ක්‍රිඩකයෙකු ජාතික කණ්ඩායමට තේරීමට ලැබෙන අති විශාල පිටුවහලක් බවය. අවසාන වශයෙන් කපිළ විජේගුණවර්ධණ සතුටින් පවසා සිටියේ “තේරීම්කරුවෙකු ළෙස ප්‍රථමයෙන් තමන් තමන්ගේ ඇස් දෙක සහ දකින දේ පිළිබදව ද විශ්වාසයක් තබා ගත යුතුය” යන්නයි.