සිංගප්පූරුව පරදා මහනුවරට විශිෂ්ට ජයක්

611

මහනුවර ක්‍රීඩා සමාජය හා සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායම අතර රග්බි තරගයක් අද (21) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ආගන්තුකයින් අසරණ කරමින් 44-14ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

නායකයින්ගේ තරගයේ ජය CR & FC කණ්ඩායමට

CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික නායකයින්ගේ තරගය ඊයේ (18) CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි ජයග්‍රහණය…

තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් මහනුවර ක්‍රීඩා සමාජයේ ෆසිල් මරීජා 14 වන මිනිත්තුවේ දී  උත්සාහක දිනුමක් සාර්ථක කරගන්නා ලදි. ඔහු ලබා ගත් උත්සාහක දිනුමේ  ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නයිජල් රත්වත්තේ සමත් විය (මහනුවර 07-00 සිංගප්පූරුව).

ඉන්පසුව තරගයේ දෙවැනි උත්සාහක දිනුම සාර්ථක කර ගන්නට රිචඩ් ධර්මපාල සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට රත්වත්තේට හැකි විය. ඉන් මිනිත්තු කිහිපයකට පසු නැවත ක්‍රියාත්මක වූ නයිජල් රත්වත්තේ මහනුවර වෙනුවෙන් ලැබුණු දඬුවම් පහරක් ද සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 17- 00 සිංගප්පූරුව).

ප්‍රතිවාදී සිංගප්පූරු ක්‍රීඩකයන්ට ලකුණු ලබා ගැනීමට කිසිදු අවකාශයක් ලබා නොදුන් මහනුවර ක්‍රීඩකයෝ, තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. මහනුවර කණ්ඩායමේ සාමූහික උත්සහයක් අනුරුද්ධ විල්වර විසින් ලකුණු බවට පත් කිරීමත් සමඟ ලකුණු පරතරය තවත් ඉහළ නැංවිය. නමුත් රත්වත්තේ අතින් එහි ප්‍රවර්තනය ගිලිහි ගියේය (මහනුවර 22-00 සිංගප්පූරුව).

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වීමට ප්‍රථම සිංගප්පූරු ක්‍රීඩක ජොනතන් බාබර් විසින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් සිංගප්පූරු ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සිංගප්පූරුවට හැකි විය (මහනුවර 22-07 සිංගප්පූරුව).

ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ලකුණු 22-07ක් ලෙස මහනුවර කණ්ඩායම පෙරමුණ ගනිමිනි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22-07 සිංගප්පූරු ජාතික කණ්ඩායම

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 2ක් යන විට නැවතත් ක්‍රියාත්මක වූ රත්වත්තේ  දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය (මහනුවර 25-07 සිංගප්පූරුව).

සිංගප්පූරු කණ්ඩායමේ දුර්වලතාවලින් මානව ප්‍රයෝජන ගත් මහනුවර ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට මාන බැලූහ. ඒ අනුව ෆසිල් මරීජා විසින් දෙවැනි වරටත් ධවල රේඛාව පසුකර ගියේ ආගන්තුකයින් තවත් අසරණ කරමිනි. එහි ද ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රත්වත්තේට හැකි විය.

ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට

ඊයේ (15) සවස කොළඹ ජාත්‍යන්තර තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියරේ 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී දකුණු කොරියානු කණ්ඩායම…

නැවතත් සිය අණසක පැතිර වූ මහනුවර ක්‍රීඩකයෝ මනාව පන්දුව හුවමාරු කර ගනිමින් ඉදිරියට ඇදී ගිය අතර ඔවුන්ගෙන් පන්දුව ලබා ගත් දනුෂ්ක රන්ජන් එය ලකුණු බවට පරිවර්තනය කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි (මහනුවර 37-14 සිංගප්පූරුව).

කවදත් රග්බි කණ්ඩායම් අතර දස්කම් අතින් කැපී පෙනුණු කණ්ඩායමක් වන මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගය තුල දී ඉතාමත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ බව සඳහන් කළ යුතුයි. එම විශිෂ්ටත්වය තවදුරටත් සනාථ කරමින් තවත් පූර්ණ උත්සාහක දිනුමක පහස ලබන්නට ඔවුන් සමත් වූයේ නයිජල් රත්වත්තේගේ උත්සාහය නිසාවෙනි (මහනුවර 44-14 සිංගප්පූරුව).

කෙසේ නමුත් දෙවැනි අර්ධය තුල දී ද සිංගප්පූරු කණ්ඩායම විසින් එක් උත්සාහක දිනුමක් වාර්තා කළත් එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. තරගයේ නියමිත වේලාව අවසන් බවට තරග තීරක විසින් නිවේදනය කිරීමත් තරගයේ වැඩි ගෞරව දිනා ගෙන සිටි සත්කාරක කණ්ඩායමට ජයග්‍රහණයට හිමි විය.

අවසන් වරට බහරේන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජයට 23-24ක් ලෙස එක් ලකුණකින් පරාජය හිමි වූ අතර ඊට ප්‍රථම අබුඩාබි කණ්ඩායම අතර පැවති තරගය 29-29ක් ලෙස සමව අවසන් වූයේ තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර සමව බෙදී යමිනි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට 6 වන ස්ථානය

විශිෂ්ට ඝනයේ ක්‍රීඩා විලාශයකින් ප්‍රබල සටනක් දියත් කළ ද, අවාසනාවන්ත ලෙස යලිත් වරක් හොංකොං ක්‍රීඩිකාවන් හමුවේ තියුණු පරාජයක් අත් විඳි ශ්‍රී ලංකා කාන්තා රග්බි…

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 44-14 සිංගප්පූරු ජාතික කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා: අනුරුද්ධ විල්වර

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

මහනුවර ක්‍රීඩා සමාජය: ෆසිල් මරීජා, නයිජල් රත්වත්තේ, රිචඩ් ධර්මපාල, අනුරුද්ධ විල්වර, දනුෂ්ක රංජන්

සිංගප්පූරු ජාතික කණ්ඩායම: ජොනතන් බාබර්, ජන් ලෝන්ස්

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට