Kagiso Rabadaට තරග තහනමක්!

9
Kagiso Rabada

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada හට ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.

තහනම් උත්තේජක / විනෝදාස්වාදය සඳහා ලබාගන්නා මත්ද්‍රව්‍ය (recreational drug) පාවිච්චි කිරීම හේතුවෙන් ඔහුට මෙම තහනම පනවා ඇති අතර, මෙම මත් ද්‍රව්‍ය භාවිතය පසුගිය ජනවාරි/පෙබරවාරි මාසවල දී දකුණු අප්‍රිකාවේ දී ක්‍රියාත්මක වූ SA 20 තරගාවලිය අතරතුර සිදු වන්නට ඇති බවයි ESPNCRICINFO වෙබ් අඩවිය විසින් අනුමාන කරන්නේ.

Rabada මෙවර IPL තරගාවලියේ Gujarat Titans කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි නමුත්, ඔහු පසුගිය අප්‍රේල් මස 03 වැනි දා නැවතත් සිය රට බලා පිටත්ව ගොස් තිබූ අතර, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළ Gujarat කණ්ඩායම සඳහන් කලේ ඔහු පෞද්ගලික හේතුවක් මත මෙසේ නැවත සිය රට බලා පියාසර කළ බවයි.

Rabada විසින් සිය තහනම පිළිබඳ සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, මෙහි දී ඔහු විසින් සිය වරද පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින්, ඒ වෙනුවෙන් සමාව ඉල්ල තිබුණා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමන් ලද වරම අන් සෑම දෙයකට ම වඩා වටිනා බව සඳහන් කරන ඔහු, නැවත හැකි ඉක්මනින් ක්‍රීඩා පිටියට පිවිසීමට බලාපොරොත්තු සහගත ව බලා සිටින බවත් සඳහන් කළා.

එමෙන්ම මෙම තහනම තවත් සීමිත කාලයක් තුළ ඉවත්ව ගොස් නැවතත් Rabadaට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට අවස්ථාව හිමි වනු ඇති බවයි ESPN වෙබ් අඩවිය අනුමාන කරන්නේ.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<