සුපිරි පියවරුන්ගේ ක්‍රිකට් සටනට සාර්ථක ආරම්භයක්

1601

My Dad, My Superstar 2019 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඉකුත් 23 වැනිදා කෝල්ට්ස් හා බී. ආර්. සී ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරු, පියවරුන් ලෙස නැවතත් පිටියට

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හෝ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් …

ගෙවී ගිය සති අන්තයේ දී ක්‍රිකට් තරග 12ක් නිමාවට පත්වුණු අතර එක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක දී දිනකට ක්‍රිකට් තරග 6ක් බැගින් පැවැත්විය. කාණ්ඩ 6ක් යටතේ පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ A, B හා C කාණ්ඩවල තරග කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර D, E හා F කාණ්ඩවල තරග බී. ආර්. සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මේ තරගාවලියේ පැවති තරග අතරතුර ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි.

>>තරග කාලසටහන<<

තරග සියල්ලේ ලකුණු සාරාංශ,

මාර්තු 23

1 වැනි තරගය – සාන්ත ආනා හා සාන්ත තෝමස් (A කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – සාන්ත තෝමස් කණ්ඩායමට
  • සාන්ත ආනා විද්‍යාලය – 137/6 (15)
  • සාන්ත තෝමස් විද්‍යාලය – 118/6 (15)
  • සාන්ත ආනා විද්‍යාලයට ලකුණු 19ක ජයක්
  • තරගයේ වීරයා – ලංකා ද සිල්වා – (සාන්ත ආනා කණ්ඩායම) – 51 (32)

2 වැනි තරගය – සාන්ත සෙබස්තියන් හා මාතර රාහුල (D කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් කණ්ඩායමට
  • රාහුල විද්‍යාලය – 79/9 (15)
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 83/1 (7.3)
  • සාන්ත සෙබස්තියන් කණ්ඩායමට කඩුලු 9ක ජයක්  
  • තරගයේ වීරයා – අංජුල දිසානායක (සාන්ත සෙබස්තියන්) – 3/11 (පන්දුවාර 3)

3 වැනි තරගය – නාලන්දා හා වේල්ස් කුමර (B කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – නාලන්දා කණ්ඩායමට
  • නාලන්දා විද්‍යාලය – 107 (15)
  • වේල්ස් කුමර විද්‍යාලය – 108/4 (11.1)
  • වේල්ස් කුමර කණ්ඩායමට කඩුලු 6ක ජයක්
  • තරගයේ වීරයා – සුරංග විජේනායක (වේල්ස් කුමර) – 4/14 (පන්දුවාර 3)

4 වැනි තරගය – ත්‍රිත්ව හා මලියදේව – (E කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – මලියදේව කණ්ඩායමට
  • ත්‍රිත්ව විද්‍යාලය – 118/5 (15)
  • මලියදේව විද්‍යාලය – 119/4 (11.4)
  • මලියදේව කණ්ඩායමට කඩුලු 6ක ජයක්
  • තරගයේ වීරයා –  ජීවන්ත කුලතුංග (මලියදේව) – 38 (17)

5 වැනි තරගය – ඉසිපතන හා රාජකීය (C කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – ඉසිපතන කණ්ඩායමට
  • රාජකීය විද්‍යාලය – 97/3 (15)
  • ඉසිපතන විද්‍යාලය – 98/3 (11.1)
  • ඉසිපතන කණ්ඩායමට කඩුලු 7ක ජයක්
  • තරගයේ වීරයා –  නුවන් සොයිසා (ඉසිපතන) – 32 (13)

6 වැනි තරගය – ඩී. එස්  හා සාන්ත අන්තෝනි (F කාණ්ඩයේ තරගය)

  • ඩී. එස් විද්‍යාලය – 97 (15)
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 98/7 (13)
  • සාන්ත අන්තෝනි කණ්ඩායමට කඩුලු 3ක ජයක්
  • තරගයේ වීරයා – දමින්ද කොලුගල (සාන්ත අන්තෝනි) – 4/15 (පන්දුවාර 3)

>>Photo Album – My Dad My Superstar Cricket Tournament 2019 | Day 01<<

මාර්තු 24

7 වැනි තරගය – ආනන්ද හා සාන්ත තෝමස් (A කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – ආනන්ද කණ්ඩායමට
  • ආනන්ද විද්‍යාලය – 119/5 (15)
  • සාන්ත තෝමස් විද්‍යාලය – 120/7 (14.4)
  • සාන්ත තෝමස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්
  • තරගයේ වීරයා – අර්ජුන රණතුංග (ආනන්ද) – 35* (36) හා 1/32 (පන්දුවාර 3)

8 වැනි තරගය – රිච්මන්ඩ් හා රාහුල (D කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය විද්‍යාලය – රාහුල කණ්ඩායමට
  • රිච්මන්ඩ් විද්‍යාලය – 160/7 (15)
  • රාහුල විද්‍යාලය – 161/5 (15)
  • රාහුල කණ්ඩායමට කඩුලු 5ක ජයක්
  • තරගයේ වීරයා – ප්‍රමෝදය වික්‍රමසිංහ (රාහුල) – 34 (18) හා 2/27 (පන්දුවාර 3)

9 වැනි තරගය – සාන්ත පීතර හා වේල්ස් කුමර (B කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – සාන්ත පීතර කණ්ඩායමට
  • සාන්ත පීතර විද්‍යාලය – 153/5 (15)
  • වේල්ස් කුමර විද්‍යාලය – 95 (12.2)
  • සාන්ත පීතර  කණ්ඩායමට ලකුණු 58ක ජයක්
  • තරගයේ වීරයා –  සමන් ජයන්ත (සාන්ත පීතර) – 63 (25)

       >>Photo Album – My Dad My Superstar Cricket Tournament 2019 | Day 02<<

10 වැනි තරගය – ත්‍රිත්ව හා ඒකාබද්ධ පාසල් කණ්ඩායම (E කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය  – ඒකාබද්ධ පාසල් කණ්ඩායමට
    • ත්‍රිත්ව විද්‍යාලය – 63/6 (15)
    • ඒකාබද්ධ පාසල්  – 67/3 (9)
  • ඒකාබද්ධ පාසල් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
  • තරගයේ වීරයා – ජානක කුමුදු (ඒකාබද්ධ පාසල් කණ්ඩායම) – 40 (26)

11 වැනි තරගය – සාන්ත ජෝසප් හා රාජකීය (C කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය  – සාන්ත ජෝසප් කණ්ඩායමට
    • රාජකීය විද්‍යාලය – 115/7 (15)
    • සාන්ත ජෝසප් විද්‍යාලය – 119/3 (13.3)
  • සාන්ත ජෝසප්  කණ්ඩායමට කඩුලු 7ක ජයක්
  • තරගයේ වීරයා – ඩිලාන් රාමනායක  (සාන්ත ජෝසප් ) – 35* (15) හා 1/23 (පන්දුවාර 3)

12 වැනි තරගය – මහින්ද හා සාන්ත අන්තෝනි (F කාණ්ඩයේ තරගය)

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි කණ්ඩායමට
    • මහින්ද විද්‍යාලය – 174/9 (15)
    • සාන්ත අන්තෝනි විද්‍යාලය – 108/6 (15)
  • මහින්ද කණ්ඩායමට ලකුණු 66ක ජයක්
  • තරගයේ වීරයා – ටී. පලියවත්ත (මහින්ද) – 47* (19), 1/29 (පන්දුවාර 3)

ප්‍රසාද ලකුණු සටහන්,

A කාණ්ඩය Played Won Lost Drawn Points
සාන්ත ආනා 1 1 0 0 2
සාන්ත තෝමස් 2 1 1 0 2
ආනන්ද 1 0 1 0 0
B කාණ්ඩය Played Won Lost Drawn Points
සාන්ත පීතර 1 1 0 0 2
වේල්ස් කුමර 2 1 1 0 2
නාලන්දා 1 0 1 0 0
C කාණ්ඩය Played Won Lost Drawn Points
ඉසිපතන 1 1 0 0 2
සාන්ත ජෝසප් 1 1 0 0 2
රාජකීය 2 0 2 0 0
D කාණ්ඩය Played Won Lost Drawn Points
සාන්ත සෙබස්තියන් 1 1 0 0 2
රාහුල 2 1 1 0 2
රිච්මන්ඩ් 1 0 1 0 0
E කාණ්ඩය Played Won Lost Drawn Points
ඒකාබද්ධ පාසල් 1 1 0 0 2
මලියදේව 1 1 0 0 2
ත්‍රිත්ව 2 0 2 0 0
F කාණ්ඩය Played Won Lost Drawn Points
මහින්ද 1 1 0 0 2
සාන්ත අන්තෝනි 2 1 1 0 2
ඩී. එස්. සේනානායක 1 0 1 0 0

තරගාවලියේ තවත් තොරතුරු, ඡායාරූප ඇතුළු සියල්ලම ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. එසේම අප්‍රේල් මස 7 වැනිදා පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් මහා තරග 3 (Challengers Finals, Champions Finals, Super Dads Finals) ThePapare.com ඔස්සේ සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<