ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩාවල තේරීම් තරගවලට දින නියම වෙයි

86

ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරගාවලිය ජනවාරි මස 25 වනදා සහ 26 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. 

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ දී නිමා වූයේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරයන් බවට පත්කරමිනි.

වයස අවුරුදු 20 න් පහළ ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර ය. මෙවර 19 වන වරට පැවැත්වෙන තරගාවලිය එළඹෙන මැයි මාසයේ දී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියට මූලික තෝරා ගැනීමේ තරගාවලියක් 2019 වසරේ දීද පැවැත්වුනු අතර මෙවර එය වඩා පුළුල් ලෙස පැවැත්වෙනු ඇත. 

පසුගිය වසරේ පැවැත්වුනු මූලික තරගාවලියෙන් තෝරා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරග වලට පැමිණි ක්‍රීඩකයින් ද, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සහ ජාතික කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරග වලට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙම සති අන්තයේ සුගතදාසයේ දොර විවර වනු ඇත. 

පිරිමි අංශයේ මීටර 5000, මීටර 3000, බාධක දිවීම, මීටර 1000, මීටර 400 කඩුලු මතින් දිවීම, යගුලිය දැමීම සහ මිටිය විසි කිරීම යන ඉසව් මෙම තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී පැවැත්වෙන්නේ නැත. 

කාන්තා අංශයේ මීටර 5000, මිටිය විසි කිරීම, කවපෙත්ත විසි කිරීම සහ යගුලිය දැමීම ද මෙලෙසම ඉවත් කර තිබේ. 

2020 මලල ක්‍රීඩාවට කොහොම ද?

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා නිකුත් කෙරුනි. මෙවර මලල ක්‍රීඩා………..

2001 වසරේ ජනවාරි මස 01 වනදාට පෙර උපන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලිය සඳහා සහභාගී විය නොහැක. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<