බාලක ශූරතාව සාන්ත පීතර විදුහලට; බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහලට

962

88 වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය අද (21) කොළඹ සුගතදාස ධාවන පථයේ දී සාර්ථකව නිමාවට පත්විය. තරගාවලියේ සමස්ත බාලක ශූරතාව ලකුණු 206ක් ලබා ගත් සාන්ත පීතර විද්‍යාලය විසින් දිනා ගත් අතර බාලිකා ශූරතාව ලකුණු 240ක් ලබා ගත් වලල ඒ. රත්නායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කුලියාපිටිය මාධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති අභිෂේක ලැබූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ  සෙනිරු අමරසිංහ සම්මාන දිනා ගන්නා ලදි.

පාරමී වසන්තිගේ තවත් වාර්තාවක් සමඟින් දෙවන දිනය හමාර වේ

ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රධානතම පාසල් මලල ක්‍රීඩා තරගාවලියක් වන සර් ජෝන් ටාබට්….

තරමක් වර්ෂාවෙන් පිරි තෙත බරිත කාලගුණයක් සමඟින් තෙවන දිනය ආරම්භ විය. දිනයේ විටින්විට ඇදවැටුණු වර්ෂාව ද පසේකලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දක්ෂතා වෙනුවෙන් සිය උපරිමයෙන් උත්සාහ කරනු දක්නට ලැබුණි.

දිනයේ වාර්තා වූ තරග වාර්තා අතර වයස් අවුරුදු 18න් පහළ බාලිකා යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ කොළඹ කාන්තා විද්‍යාලයේ සරිෂා ගුණසේකර මීටර් 12.63ක දක්ෂතාවයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටු විය.

ඉන් අනතුරුව පිටියේ ක්‍රියාත්මක වූ වයස අවුරුදු 18න් පහළ හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ වලල ඒ. රත්නායක විද්‍යාලයේ අයි. හසන්ති මීටර් 45.05ක දක්ෂතාවයක් වාර්තා කරමින් තවත් නව වාර්තාවක් පිහිටුවිය. පානදුර අගමැති බාලිකා විද්‍යාලය නියෝජනය කළ වාසනා මෙන්ඩිස් මීටර් 39.72ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ දෙවන තැන දිනා ගත් අතර කොළඹ මියුසියක් විද්‍යාලයේ නෙලනි වෙදගම මීටර් 39.20ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ තෙවන තැන දිනා ගත්තාය.

ශූරතා ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

වයස අවුරුදු 16න් පහළ මීටර් 400 බාලිකා ඉසව්ව නියෝජනය කළ නාවල ජනාධිපති විද්‍යාලයේ කවින්දි සංජානා තවත් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ තත්පර 56.88ක කාලයකින් තම ඉසව්ව අවසන් කරමිනි. ඉසව්වේ රිදී පදක්කම ජේ. උත්තරා තත්පර 59.23ක දක්ෂතාවයක් වාර්තා කරමින් දිනා ගත් අතර මහව තම්මිටගම මහා විද්‍යාලයේ තරංගා කුමාරි තත්පර 59.67කින් ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

වයස අවුරුදු 16න් පහළ බාලක මීටර් 400 ඉසව්ව නියෝජනය කළ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ කවිෂ් නිකිල් තවත් තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය. ඒ තත්පර 49.82කින් තම ඉසව්ව අවසන් කරමිනි. සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ එස්. ජයසුන්දර තත්පර 49.88ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ රිදී පදක්කම දිනා ගනිද්දී, මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය තත්පර 50.29ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ දී ආර්ජෙන්ටිනාව බලා පිටත් වන සංචිතයේ තවත් එක් පදක්කම් බලාපොරොත්තුවක් වන සර්. ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ ද වයස අවුරුදු 18න් පහළ මීටර් 400 බාලක මූලික වටයේ තරගයකින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ තම ඉසව්ව තත්පර 48.23කින් අවසන් කරමිනි.

වයස අවුරුදු 18න් පහළ මීටර් 100 ඉසව්ව වෙනුවෙනුත් තවත් නව තරග වාර්තාවක් බිහිකරන්නට ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ෂෙලින්ඩා ජැන්සන් සමත් විය. ඒ ඉසව්ව තත්පර 12.41කින් අවසන් කරමිනි. ඉසව්වේ දෙවන ස්ථානය තත්පර 12.50ක කාලයක් වාර්තා කරමින් එම විද්‍යාලයේම සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාව විසින් දිනා ගත්තාය. ඉසව්වේ තෙවන ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ පියුමිනි වීරසූරිය විසින් දිනා ගත්තේ තත්පර 12.70ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

“LSR කොළඹ මැරතන්” ජයග්‍රාහකයින්ට මිලියන 2.5ක්!

18 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා “LSR කොළඹ මැරතන්” තරගය එළඹෙන ඔක්තෝබර්…..

දිනයේ අවසන් ඉසව්ව ලෙස වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 400*4 සහය දිවීමේ ඉසව්වෙන් ද තවත් තරග වාර්තාවක් බිහි කරන්නට සාන්ත බෙනඩික් විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත්විය. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම ඉසව්ව මිනිත්තු 3.18.00ක කාලයකින් අවසන් කළ බෙනඩික් ක්‍රීඩකයෝ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්හ.

තෙවැනි දිනයේ ලකුණු සටහන

ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 3.19.24කින් තරගය අවසන් කළ සාන්ත පීතර විද්‍යාලය හා මිනිත්තු 3.20.60කින් අවසන් කළ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය විසින් දිනා ගත්තේය. විශේෂත්වයට කරුණ මෙම ස්ථාන ත්‍රිත්වයම පෙර තිබූ ඉසව්වේ තරග වාර්තාව වූ මිනිත්තු 3.21.30 අභිබවා තිබීමයි.

මෙවැනිම වූ සමස්ත ලංකා පාසල් තරගාවලියක් ලබන දෙසතිය තුල ද ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියේ තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<