13 වසරක තමාගේම වාර්තාව අලුත් කිරීමට වෙර දරන මංජුල කුමාර

300

දශකයක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උස පැනීමේ ක්‍රීඩකයා වන මංජුල කුමාර මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඕස්ට්‍රේලියානු ජාතික ඔලිම්පික් උස පැනීමේ පුහුණුකරු ඇලෙස්සැන්ද්‍රෝ බිසේටෝ විසින් පවත්වනු ලබන පුහුණු සැසියකට සහභාගී වෙමින් සිටියි.

ගයන්තිකා අබේරත්න ලක්මෑණියන් රනින් සරසයි

ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන 8 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන …

මංජුල විසින් සිය වයස පරයා දස්කම් දැක්වීමට සමත්ව සිටින අතර දේශීය තරගවල දී තවමත් ඔහු සිය අණසක පතුරුවා ගැනීමට සමත්ව ඇත. ඔහු 2004 වසරේ දී උස පැනීමේ ඉසව්ව සඳහා මීටර 2.27ක දක්‍ෂතාවයක් දක්වමින් එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික වාර්තාව ඔහු සතුකර ගන්නට සමත් වූ අතර එතැන් සිට වසර 13ක කාලයක් ගෙවී ගියත් තවමත් එම වාර්තාව බිඳ දමන්නට මෙරට කිසිවෙක් සමත්ව නැත.

ආසියානු කුසලානයේ දී රන් පදක්කම් දෙකකට හිමිකම් කියන්නට සමත්ව ඇති ඔහු පළමු රන් පදක්කම දිනාගනු ලැබුවේ 2005 වසරේ දී දකුණු කොරියාවේ ඉන්චියොන් හිදී පැවති තරගාවලියේ දී මීටර 2.27ක දක්ෂතාවයක් දක්වමිනි. එය ඔහු එම ඉසව්ව සඳහා වාර්තා කළ ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ද විය. එහි දී ඔහු වාර්තා කළ දෙවන රන් පදක්කම චීනයේ ගුවැන්සු නුවර දී මීටර 2.23ක දක්ෂතාවයක් දක්වමින් ඔහු විසින් දිනා ගන්නා ලදි. එමෙන්ම දකුණු ආසියානු කලාපයේ දී ප්‍රමුඛතම උස පැනීමේ ක්‍රීඩකයා වන ඔහු 2004, 2005 සහ 2016 වසරවල දී පැවති දකුණු ආසියානු තරගාවලිවල දී ද එම ඉසව්ව සඳහා රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එමෙන්ම 2004 වසරේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගත් ඔහු ඒ ආකාරයට ක්‍රීඩකයෙක් හට ලබාගත හැකි ඉහළම ගෞරවයට ද හිමිකම් කියන්නට සමත් විය.

මෑතක දී දියගම දී පැවති ජාතික තේරීමේ තරගවල දී ඔහු මීටර 2.25ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව සඳහා ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. මෙහි දී ඔහුට කිසිදු අභියෝගයක් නොතිබූ හෙයින් හා එම තරග පැවැත්වූ ධාවන පථය ඉතාමත් අබලං තත්වයේ පසුවීම නිසා ඔහු දැක්වූ එම දක්ෂතාවය අතිශය සුවිශේෂී වේ.

ඒ අනුව මෙම වසරේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මංජුලට ඕස්ට්‍රේලියාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය. ඒ අනුව අප්‍රේල් මස 4 වන දින සිට 15 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දක්වා ඔහු මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ දී ඕස්ට්‍රේලියානු ජාතික ඔලිම්පික් උස පැනීමේ පුහුණුකරු ඇලෙස්සැන්ද්‍රෝ බිසේටෝ යටතේ සිය පුහුණුවීම් කටයුතු සිදු කරනු ඇත.

ThePapare.com සමඟ අදහස් දැක්වූ ඔහු, ඔහුට මෙම අවස්ථාව ලබා දීම සඳහා දායකත්වය ලබා දුන් සැමට සිය ස්තූතිය පුද කර සිටියේ ය.

“ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මට මේ අවස්ථාව ලබා දෙන්න ගොඩක් උදව් කළා. ඒකට මම ඔවුන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. කොහොම වුනත් අනුලා කොස්තා මහත්මියගේ සහයෝගය තිබ්බේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඇය තමයි මේකට හොඳම පුහුණුකරුවෙක්, ක්‍රීඩාංගණ, කාය වර්ධන මධ්‍යස්ථාන සහ අවශ්‍ය නවාතැන් පහසුකම් සූදානම් කරලා දුන්නේ. විශේෂයෙන් මම මෙල්බර්න් නුවරට ආවට පස්සේ මට අවශ්‍ය හැම දෙයක්ම ඇය සූදානම් කරලා දුන්නා. ඇයට අවශ්‍ය මම මගේ පුහුණුවීම්වලට මූලික අවධානයක් දෙන එක. ඒ නිසා ඇය ලබා දුන්න සහයෝගයට මම ඇයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

ඒ අනුව ඔහුට ලැබෙන මෙම පුහුණුවත් සමඟ ඔහු විසින් පිහිටුවා ඇති උස පැනීමේ ජාතික වාර්තාව නැවත වරක් අලුත් කිරීමට ඔහු දැඩි අභිප්‍රායකින් පසුවේ. ඔහුට එය සාර්ථක කර ගැනීමට හැකිවුවහොත්, එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු තරගාවලිවල දී ඔහුට පදක්කමක් දිනා ගැනීමට ද අවස්ථාවක් ඇත.

“මගේ අවසන් ඉලක්කය මම පිහිටුවලා තියෙන ජාතික වාර්තාව නැවත වරක් අලුත් කරන එක සහ පොදුරාජ්‍ය මණ්ඩලීය/ ආසියානු තරගාවලිවල දී ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කරලා දෙන එක.”

ඔහුට ඇතිවූ ආබාධ, තරගකාරීත්වයක් නොමැතිකම සහ සිය දක්ෂතාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැති වීම වැනි තත්වයන් තුළ වුවද, මෙම ඉසව්ව සඳහා කිසිදු අභියෝගයකින් තොරව ශ්‍රී ලංකාවේ ශූරයා ඔහු වුවත් මෙම වසර ගණනාව පුරාවට ඔහු පෙන්වා ඇති දැඩි ධෛර්යය සහ විනය ශ්‍රී ලංකාවේ තරුණ මලල ක්‍රීඩකයින් හට ඉතා වටිනා ආදර්ශයකි. ඒ අනුව ThePapare.com අපි ප්‍රාර්ථනා කරන්නේ ඔහුට ලැබී ඇති මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු තරගාවලිවල දී ඔහුට පදක්කමක් දිනා ගැනීමට හැකි වේවා යන්නයි.    

පරිවර්තනයකි – Manjula hoping to leap over his own record

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<