ඕස්ට්‍රේලියා වේගපන්දු යවන්නාට ලෝක ටෙස්ට් ශූරතාව මග හැරේ

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

1306
Josh Hazlewood ruled out of WTC

ජුනි 07 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewoodට අහිමි වෙන බව වාර්තා වෙනවා.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ඔහු ආබාධයට ලක් වූ අතර ආබාධයෙන් පසු ඔහු දැල් තුළ ඉතා හොඳින් පන්දු යැවීම් සිදු කළත්, ඔහුව මෙම තරගයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම ටෙස්ට් තරගයෙන් පසු ඔවුන්ගේ ප්‍රධානතම තරගාවලිය වන අළුබඳුන තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිත නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

“Josh තරගය ක්‍රීඩා කිරීමට ඉතාමත් ආසන්නයේ සිටියේ. නමුත් අපගේ ඉදිරි සැලසුම් ගැන බලද්දී මේක නිකන් එක් තරගයක් පමණයි. මෙම විවේක ගැන්වීම ඔහුට ඉදිරි තරගාවලි සඳහා සූදානම් වීමට හොඳ අවස්ථාවක්. අපිට සති හතක් තුළ ටෙස්ට් තරග හයක් තියෙන නිසා වේගපන්දු බලඇණිය ශක්තිමත්ව තියා ගන්න ඕන,” යැයි Josh Hazlewood ප්‍රකාශ කළා.

ඔහුගේ හිස්තැන සඳහා Michael Neser නම් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන අතර 2021 වසරේ ටෙස්ට් වරම් දිනා ගත් Neser අවසන් වසර තුළ ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරගයක් පමණයි.

නමුත් ඔහු කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීමට ඇත්තේ ඉතා කුඩා අවස්ථාවක් පමණක් වන අතර Hazlewood වෙනුවට කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති ක්‍රීඩකයා වන්නේ Scott Boland.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<