Delhi Capitals සුපිරි පිතිකරුවෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් අසමත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

4206
Huge setback for Delhi Capitals as star

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වසරේ අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ දිනවල තරගාවලියට සහභාගී වීම සඳහ‍ා ක්‍රීඩකයින් ඉන්දියාවට පැමිණෙමින් සිටින අතර Delhi Capitals ක්‍රීඩක Prithvi Shaw එහි දී පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වී තිබෙනවා.

PTI පුවත් සේවය පවසා සිටින්නේ 22 හැවිරිදි ආරම්භක පිතිකරු Shaw ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ලබා ගෙන තිබෙන්නේ ලකුණු 15ක් පමණක් බවයි. ක්‍රීඩකයින් එම පරීක්ෂණය සමත් වීම සඳහා ලකුණු 16.5 කට වඩා ලබා ගත යුතුයි.

මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල පමණයි. මේ පරීක්ෂණය මත PrithviDelhi Capitals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නට නොහැකි වන්නේ නැහැ. මේක නිකං පරීක්ෂණයක් පමණයි”, PTI වෙත අදහස් දක්වමින් Delhi කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පවසා තිබුණා.

ඔහු රංජි කුසලාන තරග තුනක් අඛණ්ඩව ක්‍රීඩා කළා. ඔබ එහෙම මහන්සි වුනාම එයත් ඔබේ Yo-Yo අගය (ශාරීරික සුවතා පරීක්ෂණයේ අගය) වෙනස් වෙන්න බලපාන්න පුළුවන්.”

Shawව ඉන්දීය කණ්ඩායමේ ආරම්භ පිතිකරු ධූරයෙන් ඉවත් කෙරුණු අතර ඔහු වෙනුවට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව Mayank Agarwal කණ්ඩායමට කැඳවා තිබුණා.

මේ අතර Hardik Pandya ශාරීරික සුවතා පරීක්ෂණය සමත්ව තිබෙනවා. ඔහු එහි දී පන්දු යැවීම ද සිදු කළ බවයි වාර්තා වෙන්නේ. 28 හැවිරිදි Pandya, IPL තරගාවලියට එක්වන නව කණ්ඩායමක් වන Gujarat Titans කණ්ඩායමේ නායකත්වය ද දරනවා.

ඔහුට පන්දු යවන්නට අවශ්‍ය වුනේ නැහැ. නමුත් ඔහු ගොඩක් වේලාවක් පන්දු යැව්වා හා පැයට කිලෝමීටර 135ෙක පමණ වේගයෙන් පන්දු යැව්වා. දෙවැනි දිනයේ ඔහු Yo-Yo පරීක්ෂණය ඉහළින්ම සමත් වුනා”, PTI පුවත් සේවයට අදහස් දැක්වූ නිලධාරියෙක් අදහස් දක්වා තිබුණා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<