100m ඉසව්වෙන් ජැමෙයිකානු ක්‍රීඩිකාවන්ට 1, 2, 3

455
colorsofindia

ඇමරිකාවේ දී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අතිශය සුන්දර එකක් කරමින් ජැමෙයිකානු කෙටිදුර ධාවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු විසින් මීටර 100 රන්, රිදී, ලෝකඩ පදක්කම් තුනම දිනා ගැනීමට සමත් වුනා.

Shelly Ann Fraser Pryce (ෂෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්), Shericka Jackson (ෂෙරිකා ජැක්සන්), Elaine Thompson (එලේන් තොම්සන්) පිළිවෙළින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තා. ඔවුන්ගේ ජයග්‍රහණ කාලයන් සටහන් වුනේ පිළිවෙළින් 10.67ක්, 10.73 සහ 10.81ක් වශයෙන්.

ෂෙලී ඈන් ෆ්‍රේසර් අද දිනා ගත්තේ පස්වැනි ලෝක ශූරතා මීටර 100 රන් පදක්කමයි. එකම ඉසව්වකින් ලෝක ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් පහක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව බවට ඇය පත්වුනා.

රසවත්ම සිදුවීම වන්නේ එහි පිරිමි ඉසව්වේ රන්, රිදී, ලෝකඩ පදක්කම් සියල්ල ඇමරිකානු කෙටිදුර ධාවකයින් විසින් දිනා ගැනීමයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<