“ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ හැඟීම්බර අවස්ථාවක්”

89

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිළිබඳව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම ඇත්තේ අසීමිත ගෞරවයකි. ඔහුගේ සිනාමුසු බව හා හැඟීම් පාලනය ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවනු ඇත. ඔහු පිළිබඳව යම් නිශ්චිත සන්සුන් රැල්ලක් තිබේ. ක්‍රිකට් පිටියේ දී හෝ ඉන් පිටත දී නවසීලන්ත නායකයා ඔහුගේ සිනාමුසු බව නිසා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. 

සෙනසුරාදා ඔහුගේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් සගයා වන ඩේවිඩ් වෝනර් සමඟ පැවති Instagram සජීවී සංවාදයක දී විලියම්සන් ලෝඩ්ස් හි පැවති 2019 ලෝක කුසලාන අවසන් පරාජය සැබවින්ම ඔහුගේ ක්‍රීඩා දිවිය තුල ‘හැඟීම්බර’ අවස්ථාවක් බව හෙළි කළේය. තරගාවලිය පුරාම විවිධ තත්වයන්ට අනුවර්තනය වීම පිළිබඳව තම කණ්ඩායමට ගෞරවය දැක්විය යුතු බව ද ඔහු කියා සිටියා.

නීති කඩලා බේරෙන්න බැහැ; අක්මාල් වැරදිකරුවෙයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම …..

“එය හැඟීම්බර අවස්ථාවක් වූ අතර එය එම අවස්ථාව සැබැවින්ම හැඟීම්බර විය යුතු අවස්ථාවක්,” විලියම්සන් පැවසීය. “ඔබගේ පාලනයෙන් පරිබාහිර දේවල් ගණන සහ ක්‍රිකට් පිටියක සිදු වන මේ සියලු දේ නොතකා ඔබේ ඊළඟ කාර්යය සාර්ථක කරගැනීමට ඔබට බොහෝ දේ කළ යුතුව තියනවා. ඔබට තවමත් එම හැඟීම් කළමනාකරණය කළ යුතුයි.”

“තරගයෙන් පසුව, එය තේරුම් ගැනීම තරමක් අපහසු වුනා. නමුත් මම සිතන්නේ අපට සමස්ත තරගාවලියම ක්‍රීඩා කළ ආකාරය ගැන මෙනෙහි කර ආඩම්බර විය හැකියි. එම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අපි දන්නවා 230-240 ඉතා හොඳ තරගකාරී ලකුණු සංඛ්‍යාවක් වන බව ” 

“අප කළ යුතු දේ අපි දැන සිටියා. අපි විශේෂත්වයක් නොමැතිව තරගකාරී ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තා. පසුව එය පන්දුව සමඟ ඉදිරියට රැගෙන යාම සහ පීඩනය ගොඩනැගීම සෑහීමකට පත්වෙන්න පුළුවන්. ඔබට පැමිණිලි කිරීමට තරම් දෙයක් නැති බවත් මට එය කිරීමට හැකි වූ බවත් මට හැඟුණා. ඔබගේ පාලනයෙන් බැහැර වූ කරුණු ගණනාවක් මගින් ක්‍රීඩාව තීරණය කර තිබීම තවත් සාධකයක්.” 

“ඔබට ඒ වගේ දේවල් ගැන හිතන්න තරම් අවස්ථා නැහැ. ජාත්‍යන්තර කාලසටහන, දේශීය ක්‍රීඩා තරග සහ බොහෝ ලීග් ක්‍රිකට් සමඟ අවධානය ඊළඟ තරගය බවට පත්වෙනවා. ඔබ අතීතය ගැන ඕනෑවට වඩා සිතිය යුතු නැහැ.”

ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසුව විලියම්සන්ට දැවැන්ත සහයෝගයක් ලැබුණේ එම පරාජය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඔහුගේ ‘වෘත්තීය හා නිහතමානී’ ප්‍රවේශය නිසාය. ඇතැම් නායකත්ව ගති ලක්ෂණ ගැන කතා කරමින් 29 හැවිරිදි ඔහු සඳහන් කළේ “කණ්ඩායමේ සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම හොඳම නායකයා බවට පත් නොවන” බවයි.

“මම හිතන්නේ නැහැ ඔබේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා හොඳම නායකයා වේවි කියා. ඒ හා සම්බන්ධ භූමිකාවන් ගණනාවක් තිබෙනවා. එය අසීරු කටයුත්තක්. අනිවාර්යයෙන්ම නායකත්වයේ කාර්යභාරය දෙස බලා ඒ අවස්ථාවට ගැළපෙන්නේ කවුරුන් දැයි සොයා බැලිය යුතුයි.”

නවසීලන්තයේ නායකයා ලෙස ගත කළ මුල් දිනවල විලියම්සන් සඳහන් කළේ අපූරු නායකයන් කිහිප දෙනෙකු යටතේ ක්‍රීඩා කිරීමට තමා වාසනාවන්ත වූ බවයි.  

“මගේ රටේ නායකත්වය දැරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි මම කිසි විටෙකත් සිතුවේ නෑ. නායකත්වයේ අභිලාෂය අනුව, මට එය සිත්ගන්නාසුළු දෙයක් වුනා. එය මගේ උපරිමය ලබා දීම සහ කණ්ඩායමට නිවැරදි දිශාවට උදව් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධ දෙයක්. මට විශිෂ්ට නායකයින් කිහිප දෙනෙක් සිටියා. මට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණු විට මම එය ලැබීමට ඉතා වාසනාවන්ත වුනා.”

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ මානසික අභියෝග කිහිපයක් නිරාවරණය කරමින් විලියම්සන් මෙසේ පැවසීය: “සමහර විට ඔබට අනෙක් අයට වඩා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසුකරන්න පුළුවන්. එය ක්‍රීඩාවට සහ ඒ සමඟ එන අනෙකුත් සියලුම කොටස් වලට ආදරය කිරීම ගැන දෙයක්. ඕනෑම කණ්ඩායමට දේශීය, ජාත්‍යන්තර හෝ ලීග් කණ්ඩායමකට වුනත් ඔබේ උපරිමය දෙන්න, ක්‍රීඩාව රසවිඳින්න.”

ආචර් ලෝක කුසලාන පදක්කම සොයා ගනී

එංගලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ ලෝක කුසලාන පදක්කම …..

නවසීලන්ත නායකයා ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ක්‍රීඩා කිරීම පිළිබඳ ඔහුගේ පළමු මතකය ද සිහිපත් කළේය.  

“ඉන්දීය ප්‍රිමියර් ලීග් යනු ලොව විශාලතම දේශීය තරගාවලියයි. ඉන්දියාවේ ජනප්‍රියත්වය, එය වෙනස් දෙයක්. මම පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කිරීමට ගිය දිනය මට මතකයි. මම එය බොහෝ විට රූපවාහිනියෙන් නැරඹූවා. ඒත් මට රූපවාහිනියේ නොපෙනෙන තවත් බොහෝ දේ තියනවා. තවත් බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ සෙල්ලම් කිරීමෙන් ඔබ එකිනෙකා දැන හඳුනා ගෙන මිත්‍රත්වයන් ගොඩනඟා ගන්නවා.” 

මේ වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය බලධාරීන්ට සිදුව ඇත. මෙවර තරගාවලිය පැවැත්වීම පිළිබඳව අපේක්ෂාවන් ගැන අදහස් දක්වමින් විලියම්සන් පැවසුවේ “යම්කිසි කාලයකට පසුව යම් ආකාරයකට සැලසුම් කර තරගාවලිය පවත්වන්න හැකි වුනොත් එය ඉතා හොඳ දෙයක් වේවි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<